ක්‍රිකට් ආයතනය ප්‍රමෝට් කරන විස්තර විචාරක ජෝකරයෝ
රේඩියෝ ක්‍රිකට් විස්තර විචාර කලාව බල්ලට ගිහින් කියල ක්‍රිකට් තරග අසන්නො කියන්න ගත්තෙ ටික කාලෙක ඉඳන්. ඇත්ත වශයෙන් කිව්වොත් ඒ කාලෙ ඉඳන් Radio commentaries කියන ඉංග්‍රීසි කියමන සිංහලට පෙරළල තිබුණෙ ගුවන් විදුලි විස්තර විචාරය යනුවෙන්.
මෙය හරි නම් විය යුත්තේ විස්තර කථනය කියා වුණත් මේ විස්තර විචාරය නම් වැරදි පරිවර්තනය නිසා සිංහල විස්තර කථනයේ යෙදෙන්නන් තරගය විචාරයේ යෙදෙන්න පටන් ගත්තා.
බොහෝ ඉංග්‍රීසි ජාත්‍යන්තර commentaries දෙනු ලබන්නේ ජාත්‍යන්තර වශයෙන් ඉහළ මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කළ හිටපු ජ්‍රීඩකයන්.
මේ අනුව ටෝනි ග්‍රෙග්, රිචී බෙනෝ, ඉයන් බොතම්, ටෝනි ක්‍රෝසියර්, ක්‍රිස්ටෝෆර් මාටින් ජෙන්කෙන්ස්, නසාර් හුසේන්, සුනිල් ගවාස්කාර් යන ඉංග්‍රීසි විස්තර විචාරකයන් ලොව පුරා ජනාදරයට පත්වුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කර නොමැති වුවත් පාලිත පෙරේරා හා ප්‍රේමසර ඈපාසිංහ දශක ගණනක් මෙරට ජනාදරයට පත් සිංහල ක්‍රිකට් විස්තර විචාරකයන් බවට පත් වුණා.කමල් දේශප්‍රිය ඊළඟ පුරුක බවට පත් වුණා.
ඒත් මේ වන විට සිංහල විස්තර ප්‍රචාරය එහෙම පිටින්ම විහිළුවක් බවට පත්වෙලා.
මෙහි ප්‍රධානම ජෝකරයන් දෙදෙනා වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් යූටියුබය බූදලයක් බවට පත් පත් කරගෙන සිටින බන්දුල සමන් වතුරෙගම හා ජාලිය ජයන්තයි.
තවත් ජෝකරයෙක් වූ සේන නන්දවීර දැන් වැඩිපුර දකින්න ලැබෙන්නෙ නැහැ. ඔහු
මයික් එක ගත් විට නොකියන්නේ බෝඩ් එකේ පියන්ලාගේ නම් විතරය්.
මොවුන්ගේ අසා සිටිය නොහැකි මල ඉලව් විස්තර විචාරය යන ශ්‍රී ලංකා ක්‍රිකට් යූටියුබයේ සජීවී විකාශය දැන් ක්‍රිකට් ලෝලීන් නරඹන්නේ ශබ්දය මියුට් කරයි.
මෙහි දැක්වෙන්නේ මේ දිනවල සමාජ ජාල තුළ සංසරණය වන මෙහි අප කියූ දේ සනාථ වන ජනප්‍රිය පෝස්ටුවකි. ක්‍රිකට් විස්තර විචාරය ජෝක් එකක් බවට පත් කරමින් දිගින් දිගටම මොවුන්ටම විස්තර විචාරය ලබාදෙන ක්‍රිකට් බලධාරීන්ටද මහජනතාවට විහිළු සපයන මේ විස්තර විචාරක ජෝකරයන්ටද ලජ්ජාවක් නැති බව නම් කිව යුතුයි.

No comments