ක්‍රීඩා ඇමති ජැස්වර්ගේ සාක්කුවටත් රිංගලාද ?
ලංකාවෙ ක්‍රිකට් ළඟට දූෂිතම ක්‍රීඩා පරිපාලනය තියෙන්නෙ පාපන්දුවෙ. කාලයක් තිස්සෙ පාපන්දු පරිපාලනය අරක්ගෙන එළව ගන්න බැරිව ඉන්න එහි වත්මන් සභාපති ජැස්වර් කියන්නේ ක්‍රීඩා ඇමතිවරු අල්ලා ගැනීමට දක්ෂ කට්ට වෙට්ට පිත්තල නීල කාස හොරෙක් කිව්වොත් නිවැරදියි.
මොහුට හොඳම ආවරණයක් ලබා දුන්නේ නාමල් රාජපක්ෂයි.නාමල් ක්‍රීඩා ඇමති කාලේ ජැස්වර්ට පාපන්දුව ඕනෙ අතකට පයින් ගහන්න පුළුවන් තැනක් වුණා. ජගත් පාපන්දුවෙන් ලැබෙන ඩොලර් හිතූ අන්දමින් වියදම් කළ ජැස්වර් ඒ කාලේ නාමල් සමග එක්වී විවිධ පාපන්දු තරගාවලි සංවිධානය කළ අතර ඒවායේ විගණන වාර්තා පවා ඉදිරිපත් කළේ නැහැ.
ඔය අතර 2021 ජැස්වර්ට විරුද්ධව තිබුණු විෂමාචාර චෝදනා විභාග කළ සුගතදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත විශේෂ පොලිස් වංචා විමර්ෂණ ඒකකය එම පරීක්ෂණ අවසානයේ ජැස්වර් වරදකරුවකු ලෙස නම් කර ඔහුට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දුන්නා.
ඒත් මේ දක්වා එම වාර්තාව අනුව ජැස්වර්ට එරෙහිව කිසිදු ක්‍රීඩා ඇමතිවරයකු ක්‍රියා මාර්ගයක් නොගැනීම පුදුමයට කරුණක්.
පාපන්දු සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව යන දෙකේම අනුබද්ධිත සංගමයක්. ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් මැක්සි ද සිල්වා ගේ පූර්ණ සහාය ජැස්වර්ට හිමිව තිබුණු නිසා ඔලිම්පික් කමිටුවෙන් ජැස්වර්ට ආවරණයක් ලැබුණා.
නමුත් විෂමාචාර චෝදනා මත මැක්ස්වෙල් ඔලිම්පික් කමිටුවෙන් එළවා දැමීමත් සමග මැක්ස්වෙල් වටා සිටි ජැස්වර් ඇතුළු දූෂිත සංගම් කිහිපයකට යන එන මං නැතිව ගියා.
මේ ඇතැම් සංගම් සංචාර වෙනුවෙන් කිහිප දෙනකු අටවාගත් සංගම් වන අතර ජැස්වර් ඔවුන්ගේ ගැළවුම්කාරයා හා නායකයා බවට පත් වුණා.
මෑතකදී ජැස්වර් ක්‍රීඩා සඟම් නිලධාරින් කිහිප දෙනකු සමග ක්‍රීඩා ඇමති පතෝල සුනිල් කුමාර හමුවී ඔලිම්පික් කමිටුවට එරෙහි පැමිණිල්ලක් කළා.
මුලින් තම නිලවරණය නොපවත්වා අනෙක් සංගම් වල නිලවරණ වලට ඔලිම්පික් කමිටුව ඇඟිලි ගසන බවට ඔහු චෝදනා කළා.
නීල කාස හොරකු වන ජැස්වර්ට එරෙහිව පවතින 2021 වාර්තාව අනුව වත්මන් ක්‍රීඩා ඇමතිවරයාත් කිසිදු පියවරක් නොගන්නේ ඔහු ක්‍රිකට් වල මෙන්ම පාපන්දුවේත් සාක්කුවට වැටී ඇති නිසා බවයි ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැඩි දෙනා පවසන්නේ.
සුගතදාස ක්‍රීඩාංගණය සංගීත සංදර්ශනයකට ලබා දීම සම්බන්ධවද සැකයට භාජනය වී ඇති ක්‍රීඩා ඇමතිවරයා තවමත් මලල ක්‍රීඩා,නෙට්බෝල් ඇතුළු සංගම් කිහිපයකම නිලවරණ නොපවත්වා එම ක්‍රීඩා අරාජික කරමින් සිටින බවට චෝදනාවක්ද තිබෙනවා. මීට අමතරව බාල වර්ගයේ උස පැනීමේ මෙට්ට වැඩි මිළට ගෙන්වීම සම්බන්ධවත් ක්‍රීඩා ඇමතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.


No comments