• Breaking News

    SSC බලය අල්ලන්න CCC යෙන් රහස් මෙහෙයුමක්


    ළඟ එන කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ නිලවරණයේදී එහි බලය ඇල්ලීම සඳහා මෙහෙයුමක් යාබද සී.සී.සී. ක්‍රීඩා සමාජයේ පිරිසක් මේ දිනවල කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.


    මෙය පිටුපස හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති හා වත්මන් සී.සී.සී. සභාපති ෂම්ම් සිල්වා හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සිටින බවත් වාර්තා වෙනවා.


    මොවුන්ගේ අරමුණ වී ඇත්තේ එස්.එස්.සී හි බලය අර්ජුන රණතුංග පාර්ශ්වයට යාම වැළැක්වීම බව එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ සාමාජිකයකු අප සමග පැවසුවා.


    මේ පිරිස පසුගිය දින වල රාත්‍රි කාලයේ හොරෙන් එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ රැස්වී එහි සාමාජිකයන් බා ගැනීමේ නිරත වන බවත් හිටපු පිහිනුම් සංගම් නිලධාරියකුද මෙහි ප්‍රධාන චරිතයක් රඟපාන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.


    සබැඳි පෙර ලිපිය

    බල තණ්හාව නිසා රංජිත් පණ්ඩිතගේ එස් එස්.සී එකේ නෝන්ඩි වෙයි



    No comments