කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය කියන්නේ ලංකාවේ ප්‍රධානම ක්‍රීඩා සමාජය කිව්වොත් නිවැරදියි. එහි ඉතිහාසය තුළ රටේ ජනාධිපතිවරුන් සිට ප්‍රභූන් රැසක් සභාපති ධූරය දරා තිබෙනවා. දැන් එහි සභාපති ධූරය දරන්නේ ව්‍යාපාරිකයකු වන රංජිත් පණ්ඩිතගේයි. ඔහු ඩිමෝ සමාගමේ සභාපති වරයායි.
දඹුල්ල, කෙත්තාරාම හා එස්.එස්.සී ක්‍රීඩාංගණ වල මෑතකදී සවි කළ ආලෝක ධාරා පද්ධතිවල කොන්ත්‍රාත්තුව කළේ ඩිමෝ සමාගමයි.
එම කොන්ත්‍රාත්තු ඩිමෝ සමාගමටම දීපු ආකාරය පිළිබඳ බොහෝ දෙනා සැක පහළ කර සිටියේ එය කෝටි ප්‍රකෝටි ගණනක ව්‍යාපෘතියක් නිසයි.
වෙනත් ඉල්ලුම් කරුවන් සිටියදී ඩිමෝ සමාගමටම මෙය ලබා දීම තුළ ක්‍රිකට් ආයතනයේ ප්‍රබලයන් දෙදෙනෙකුට විශාල කොමිස් කුට්ටියක් බෙදී ගිය බවත් කියවුණා.
මේ කියන රංජිත් පණ්ඩිතගේ සුදු චරිතයක් ලෙස පෙනී සිටියත් තමන් සභාපති ධූරය දරණ එස්.එස්.සී ක්‍රීඩා සමාජ පිටියට ලයිට් සවි කරන්නට තමන් සභාපති ධූරය දරණ ඩිමෝ සමාගමටම ලබා ගැනීම පිළිබඳව එස්.එස්.සී ක්‍රීඩා සමාජයේම බලවත් විරෝධයකට මුහුණ දෙන්න ඔහුට සිදු වුණා.
මෙය conflit of interst කටයුත්තක් වුණත් පණ්ඩිතගේ එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්ගේ විරෝධතාව මධ්‍යයේ එම කොන්ත්‍රාත්තුව සිදු කළා.
මීට දින කිහිපයකට උඩදී රංජිත් පණ්ඩිතගේට එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්ගෙන් නැවතත් විරෝධතාවක් එල්ල වුණා. ඒ අතර හූ පාරවලුත් ලැබුණා.
ඒ තමන්ට තවත් වාරයක් සභාපති ධූරය දරන්න හැකි අන්දමින් ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න උත්සාහ කිරීමෙන්.
මේ ගැන පවත්වපු විශේෂ මහ සභා රැස්වීමකදී පණ්ඩිතගේට එල්ල වුණු දැඩි විරෝධය හමුවේ ඔහුට තම යෝජනාව හකුළා ගෙන යන්න සිදුව තිබෙනවා.
බල තණ්හාව යනු ක්‍රිකට් ආයතනයට සුපුරුදු දෙයක්. ෂම්මිලා අස් වෙලා ගියා කිව්වත් අස් කරන තුරු එහි බලයේ සිටියේ බල තණ්හාව නිසයි. හොඳ බෞද්ධයකු ලෙස පෙනී හිටියත් රංජිත් පණ්ඩිතගේත් බල තණ්හාධිපතියකු බවට පත් වුණේ පසුගිය වකවානුවේ ෂම්මිලා සමග ඩීල් දමමින් ඔවුන් සමග කිට්ටුවෙන් ආශ්‍රය කළ නිසා වෙන්න පුළුවන් කියල එස්.එස්.සි. සාමාජිකයන් කිහිප දෙනෙක් lankasportsnews වෙත පැවසුවා.

No comments:
Post a Comment