• Breaking News

    නිකරුණේ පඩි ගෙවූ හිටපු උප සභාපතිගේ ගෝලයාගේත් සේවය අත් හිටුවයි.!


    ඉල්ලා අස්වූ ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාසගේ ප්‍රධාන සුවච කීකරු දාසයන් දෙදෙනාගෙන් අයකු වන ෂිබ්ලි විල්කාසිම් විසින් මෙතෙක් භුක්ති විඳිමින් තිබුණු වරප්‍රසාද සියල්ල ක්‍රිකට් පරිවර්තන කමිටුව මගින් අත් හිටුවා ඇතැයි වාර්තා වෙනවා.


    ජයන්ත ධර්මදාසගේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ඔහුට ලක්ෂ දෙකක මාසික වැටුපක් සමග මෝටර් රථයක්ද ලබා දී තිබෙන අතර එම මෝටර් රථය පාවිච්චි කර ඇත්තේ ඔහුගේ බිරිඳ විසින් බවද වාර්තා වෙනවා.


    ෂිබ්ලිට හා නුෂ්කි මොහමඩ් ට අයත් ක්‍රිකට් භාණ්ඩ අලෙවි සැලට මේ දක්වා ක්‍රිකට් භාණ්ඩ මිළදී ගැනීමේ කොන්ත්‍රාත් සඳහා පමණක් ගෙවා ඇති මුදල කෝටි ගණනක් බවද වාර්තා වෙනවා. මේ ක්‍රිකට් භාණ්ඩ සහිත මළු විශාල ප්‍රමාණයක් මහනුවර, මඩකලපුව හා කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරීන්ගේ ගෙවල් වල ගොඩ ගසා තිබෙන බවත් වාර්තා වෙනවා.


    මෙම ගනුදෙනුවේ විශේෂත්වය වී ඇත්තේ නමට ටෙන්ඩර් කැඳවුවත් මොහුටම පමණක් සියලු ක්‍රිකට් භාණ්ඩ කොන්ත්‍රාත් වැඩි මිළට ලබාදී තිබීමයි.


    පාසල් හා ක්‍රීඩා සමාජ වලට බෙදා දෙන මෙම ක්‍රිකට් භාණ්ඩ වල කිසිදු ප්‍රමිතියක් නොමැති බවත් එම මළු වල ඇති භාණ්ඩ වලින් ක්‍රීඩකයන් භාවිතයට ගන්නේ අත් වැසුම් පමණක් බව හිටපු විධායක කමිටු සාමාජිකයෙක් අප සමග පැවසුවා.


    ජාතික කණ්ඩායම් වල ක්‍රීඩක ක්‍රීඩිකවන්ට ස‍ංචාර සඳහා මොහුගෙන් මිළට ගන්නා ගමන් මළු වල රෝද සංචාරය අතර තුර ගැලවී යන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. ඒ දිනවල මෙම දූෂිත ගනුදෙනුව ගැන තමන් හඬ නැගුවත් ඉහළම බලධාරියකුගේ මැදිහත්වීම මත මෙම ගනුදෙනුව දිගටම සිදු කෙරුණු බව ඔහු පැවසුවා. මින් ඉදිරියේදීවත් නව පරිපාලනය මෙම ක්‍රීඩා භාණ්ඩ මාෆියාව නතර කරනු ඇතැයි ක්‍රීඩකයන් කිහිප දෙනෙක් අප සමග කියා සිටියා.



    No comments