ලෝකයේ කමකටම නැති ක්‍රිකට් පුහුණු අංශය ඇත්තේ ලංකාවෙයි
ලංකාවෙ තරම් ජාතික තල වල පුහුණුකාරයෝ රොත්තක් ලෝකෙ කිසිම රටක නැතිව ඇති. කෙත්තාරාමෙ උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ ඔබ රවුමක් ගිහින් එහි පඳුරකට පයින් ගැහුවොත් පුහුණුකාරයෝ දුසිම් ගණන් විසි වන අයුරු බලා ගන්න පුළුවන්. මේ සමහර පුහුණුකාරයෝ වයස 60 ත් පැනපු අයයි. සමහරු අවුරුදු 12 කට 15 කට වඩා මෙහි සේවය කරන අයයි. තවත් සමහරු කරන්න වැඩක් නැතිව උඩ බලන් ඉන්න අයයි.
මේ අයගෙ පඩිත් විවිධාකාරයි. බඳව ගනිද්දි පඩි නියම කරන්නෙ මුහුණ බලලයි. ෆේල් කියල එහෙමත් නැත්තන් විනය චෝදනා මත ඉවත් කරපු පුහුණුකාරයොත් වැඩි පඩියකට ආයෙත් වැඩට අරන්. ලක්ෂ 20 ක පඩියකට ගත්ත එහෙම අයෙකුත් මෙහි ඉන්නවා.
මේ බොහෝ පුහුණුකරුවො කරන්නෙ කුමක් හෝ කණ්ඩායමකට හේත්තු වී සංචාරයකට එක් වී ඩොලර් පර්ඩියම් එක ගැනීමයි.
සමහරු ලක්ෂ තුනේ පඩියට ඉන්න කොට සමහරු ලක්ෂ 20 පඩියට ඉන්නවා.
සමහරුන්ට පඩි වැඩි වෙන්නෙ මෙරිට් එකට නෙවෙයි පන්දම් මුට්ටි අල්ලන විදියටයි.
බෝර්න් අගේන් කල්ලි මෙහි රජ කරන අතර ඇතැමුන්ට පඩ් වැඩි වෙන්නේත් ටුවර් ලැබෙන්නේත් බෝර්න් අගේන් කල්ලි අනුවයි. මෙහි ලොක්කන් දෙදෙනෙක්ම දැඩි බෝර්න් අගේන් අනුගාමිකයන් වීම විශේෂත්වයක්.
ඕවර් කෝචිං කරන්න ගිහින් මේ සමහර පුහුණුකරුවො දියුණු කරපු ක්‍රීඩකයන්ට වඩා ඉන්නෙ නැති කරපු ක්‍රීඩකයොයි.
හේතුව බෝලින් ඇක්ෂන් බැටින් ස්ටාන්ස් වෙනස් කරන්න යාමයි.
ක්‍රීඩකයන්ගෙ බැටිං හදන්න යන ෆාස්ට් බෝලිං කෝච්ලා පවා මෙහි දකින්න පුළුවන්.
මොවුන්ට ලංකා ප්‍රිමියර් ලීගයෙත් පුහුණු අවස්ථා ලබා දීම සිරිතක්. ඒ සමහර පුහුණුකරුවො ක්‍රීඩක කළමනාකරුවොත් එක්ක නිතර සෙට් වෙන ඩීල් කරුවොයි. ඔවුන් කරන්නෙ ක්‍රීඩක කළමනාකරුවන්ගෙ ක්‍රීඩකයො ප්‍රමෝට් කරන එකයි.
දක්ෂයන්ට මෙහි තැනක් ලැබෙන්නෙ නැහැ. "ඒ " ටීම් එක හොඳින් කරමින් හිටපු අවිශ්ක ගුණවර්ධන හිටි අඩියෙ දාල ගියෙත් මේ නිසයි.
ඔහුව කපන්න සනත් ජයසූරියත් දායක වුණු බව ප්‍රසිද්ධ රහසක්.
පුහුණු අධ්‍යයන අංශය හෙවත් කෝච් එඩියුකේෂන් එකේ ඉන්න සමහර උපදේශකයො ක්‍රිකට් ගහලත් නැහැ. ඒකෙ ලොක්කා යන්තම් ඉස්කෝලෙක අවුරුද්දක් දෙකක් කෝච් කරපු කෙනෙක්.
මේ අංශයෙන් කරන ලෙවල් 0, ලෙවල් 1, ලෙවල් 2, ලෙවල් 3 පුහුණු පාඨමාලා වල සහතික ලෝකෙ කිසිම රටක පිළිගන්නෙ නැහැ.
ඒ ඒ පුහුණු පාඨමාලා වලට තෝර ගන්න ආකාරයත් ප්‍රශ්නකාරීයි.
ඩොමස්ටික් ක්‍රිකට් භාරව හිටපු උප සභාපතිගෙ ගමේ පුහුණුකාරයො ඔක්කොම මේ පාඨමාලා හදාරන්න තෝරා ගැනීම ගැන පරිවර්තන කමිටුව වහා සොයා බැලිය යුතුයි.
කෙත්තාරාමෙ මේ පුහුණු අංශයේ 60 පිරුණු මැන්ටල් මෙන්ම අවුරුදු 10 කට වඩා කිසිදු ප්‍රගතියක් නොපෙන්වා රැඳී සිටින පුහුණුකරුවන් ඉවත් කර නිසි ඇසෙස්මන්ට් එකකින් සුදුස්සන් පමණක් රඳවා ගත යුතුයි.
එක් එක් අයගේ උවමනාවට මේ අංශයට විදෙස් පුහුණුකරුවන් නොගෙන්විය යුතුයි.
මේ ඇතැම් විදෙස් පුහුණුකරුවන් එන්නේ රවිශාස්ත්‍රිගේ කොම්පැනිය හරහායි. කෝටි ගණන් වියදම් කරන බ්‍රේන් සෙන්ටර් එකත් සුදු අලියෙක් බව ක්‍රීඩකයන්ම කියනවා. අපේ රටේ ක්‍රිකට් පුහුණු අංශය අලි අනාථාගාරයක් බඳු නම් ක්‍රිකට් දියුණුව ගැන කවර කතාද ?

No comments