• Breaking News

    ශ්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබය වහාම ප්‍රතිසංවිධානය කළ යුතුයි


    ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් සයිට් එක හා යූ ටියුබය මේ වන විට ෆලෝවර්ස්ලා හා සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන ගණනක් ඉන්න එකක්. ලොව පුරා ක්‍රිකට් රසිකයන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග නරඹන්නෙත් මේ යූටියුබය හරහායි.


    ඒත් පහුගිය කාලෙ මේ යූටියුබයෙ තරග නරඹන විදෙස් රසිකයන්ට එහි විස්තර විචාරය අහන්න දුන්නේ සිංහලෙන්.


    ටෙලිවිෂනය දිහා බලාගෙන දුන් මේ සිංහල විස්තර විචාරය එහෙම පිටින්ම විහිළුවක් වුණා.



    ඒ යල් පැන ගිය මැන්ටලයක් වූ බන්දුල සමන් වතුරේගමත් ඔහුටම හරියන තවත් ජෝකරයකු වන ජාලිය ජයන්තත්, සුවන්ජි මදනායකත් තමන්ගේ පුද්ගලික බූදලයක් බවට පත් කරගනිමින් දුන් විස්තර විචාරය මියුට් කර දර්ශන නැරඹීම පමණක් බොහෝ අය සිදු කළා.



    සමාජ මාධ්‍ය වල බන්දුල සමන් ජෝකරයකු කර කොතරම් පෝස්ටු වැටුනත් ඩීල් පප්පකු වන ඔහුව ෂම්මි හා සුජීව ආරක්ෂා කළා.


    මෙම යූටියුබය ක්‍රිකට් ආයතනයට විශාල ආදායමක් ලබා දුන් තැනක් වුණත් ඒ මුදලට වූයේ කුමක්දැයි පරිවර්තන කමිටු නිලධාරීන් විසින් සොයා බැලිය යුතුයි. එළඹෙන කොදෙව් සංචාරයේදී සොරුන් පලවා හැර,මෙය යථා තත්ත්වයට පත් කිරීම ඔවුන්ගේ වගකීමක්.



    No comments