• Breaking News

    ෂම්මි හා කපුවත්ත නීති විරෝධී වත්කම් විමර්ෂණ ඒකකය හමුවට ඒම මග හරී


    හිටපු ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා හා ලේකම් ක්‍රිෂාන්ත කපුවත්‍ත බදාදා ( 2 ) පොලිස් නීති විරෝධී වත්කම් විමර්ෂණ ඒකකයට කැඳවා තිබුණද ඔවුන් වෙනත් දිනයක් ලබා දෙන මෙන් ඉල්ලමින් එහි නොගිය බව වාර්තා වෙනවා.


     නීති විරෝධී වත්කම් විමර්ෂණ ඒකකය ව්සින් හිටපු ක්‍රිකට් බලධාරීන් කිහිප දෙනකු අයථා ලෙස උපයා ඇති දේපල පිළිබඳව විමර්ෂණයක් කරන ලෙස නීතිපති වරයා විසින් කරන ලද පැමිණිල්ලක් විභාගයට ගෙන තිබෙනවා.


    රජයේ විගණකාධිපතිවරයා විසින් ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු පිළිබඳව කරන ලද වෝහාරික විගණනයකින් පැන නැගුණු කරුණු 37 ක් පිළිබඳව මොවුන්ගෙන් ප්‍රශ්න කෙරෙන බවත් ඔවුන් සතු දේපල හා වත්කම් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් වාර්තා වෙනවා.


    හිටපු භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, හිටපු ලේකම් වරයකු වන මොහාන් ද සිල්වා, හිටපු උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න යන අයද ඉදිරියේදී ප්‍රශ්න කිරීම සඳහා මෙම ඒකකයට කැඳවීමට නියමිත බවද වාර්තා වෙනවා.

     

    මේ අතර අල්ලස් කොමිසම මගින්ද මොවුන් ගැන වෙනම පරීක්ෂණයක් සිදු කරමින් පවතින බව අප මීට පෙර වාර්තා කළා. මාලිමා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි ක්‍රිකට් දූෂණ වලට එරෙහිව නීති මගින් කටයුතු කිරීම පමා වී හෝ මෙසේ ආරම්භ කිරීම බොහෝ දෙනාගේ සතුටට කරුණක්.


    සබැඳි පෙර ලිපිය


    ක්‍රිකට් හොරුන් පිළිබඳ අල්ලස් කොමිසමේ විමර්ෂණ ඇරඹෙයි



    No comments