• Breaking News

    ක්‍රිකට් හොරුන් පිළිබඳ අල්ලස් කොමිසමේ විමර්ෂණ ඇරඹෙයි


    හිටපු ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට ලැබී ඇති පැමිණිලි ඔවුන් විසින් විමර්ෂණය කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා.


    පාර්ශ්ව කිහිපයක්ම මොවුන් ගැන පැමිණිලි ඉදිරිපත් කර තිබුණු අතර සමාජ ක්‍රියාකරුවකු වන දානිෂ් අලි විසින් යොමු කරන ලද පැමිණිල්ල පසුගියදා ඔහු ගෙන්වා ලබා ගත් සාක්ෂි හා තොරතුරු අනුව විභාග කිරීම මේ වනවිට සිදු කෙරෙමින් පවතින බව වාර්තා වෙනවා.


    මේ අනුව මුලින්ම හිටපු භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද විසින් අයථා ලෙස උපයා ගෙන ඇති දෙස් විදෙස් දේපල පිළිබඳ විමර්ෂනයක් සිදු කෙරෙමින් පවතිනවා.


    සුජීව ගොඩලියැද්ද සතු විශාල ප්‍රමාණයක ඉඩම්, නිවාස, වාහන පිළිබඳව lankasportsnews මීට පෙර කිහිප වතාවක්ම අනාවරණය කර තිබෙනවා. මේ අතර පසුගිය සතියේ සුජීව ගොඩලියැද්ද අල්ලස් කොමිසමට කැඳවා කට උත්තරයක් ගෙන ඇති බවත් වාර්තා වෙනවා.


    පෙර සබැඳි ලිපි....


    සුජීව ගොඩලියැද්දගේ පත්වීම නීති විරෝධීයි


    අල්ලස් විමර්ශනයේ හා කෝප්කමිටු ලොක්කන් දෙදෙනකුගේ දියණියන් දෙන්නෙකුට ක්‍රිකට් ආයතනයේ රැකියා දීලා


    ක්‍රිකට් ආයතනය බංකලොත් කර භාණ්ඩාගාරික හීන් සීරුවේ ඕස්ට්‍රේලියාවට පනී!


    වරාය අලුත් සභාපතිත් වරායේ ක්‍රිකට් හොරාගේ චෝදනා විභාගය යට ගහලා


    ෂම්මිලාට එරෙහි පැමිණිලි ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි


    ෂම්මිලාට එරෙහි පැමිණිලි ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි


    No comments