Thursday, July 24, 2025

ක්‍රිකට් ආයතනය බංකලොත් කර භාණ්ඩාගාරික හීන් සීරුවේ ඕස්ට්‍රේලියාවට පනී!


යාපනයේ හා පොල්හේනේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ ඉදි කර දීමට පොරොන්දු දුන් ෂම්මිගේ ක්‍රිකට් ආයතනය බංකලොත් වී ඇතැයි lankasportsnews වෙත වාර්තාවෙනවා.


මේ වසරේ තරගාවලි නොමැති වීම හා අරමුදලේ ඇති මුදල් නාස්ති කිරීම හේතුවෙන් ක්‍රිකට් භාණ්ඩාගාරය සිඳී ගොස් ඇති බවත් එහි සේවකයන්ට හා ගිවිසුම් ගත ක්‍රීඩකයන්ට පඩි හා දීමනා ගෙවීමට මුදල් ඇත්තේ ජූලි මාසය දක්වා පමණක් බවත් වාර්තාවෙනවා.


ඒ අනුව අගෝස්තු මස සේවක  වැටුප් ගෙවීම බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් මෙසේ තිබියදී භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද හිටි අඩියේ ඕස්ට්‍රේලියාව වෙත පලා ගොස් ඇති බවත් වාර්තා වෙනවා


ඔහු පෞද්ගලික සංචාරයක  නිරත වුවත් මෙසේ යාමට ගුවන් ප්‍රවේශ පත්‍රය ලබා ගෙන ඇත්තේ ක්‍රිකට් අරමුදලෙන් බවත් වාර්තා වෙනවා.

No comments:

Post a Comment