Tuesday, July 22, 2025

මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට ප්‍රමෝද්‍ය ආවේ කොහෙන්ද?


ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියන්නෙ සැරෙන් සැරේ පාට මාරු කරන කටුස්සෙක් වගේ  චරිතයක්. රනිල් වික්‍රමසිංහගෙන් දේශපාලනේට ඇවිත් මහින්ද රාජපක්ෂගෙ ස්ටේජ් එකට නැගල ස්වීප් ටිකට් ප්‍රින්ට් ඕඩරයක් අරන්   ගොඩ ගිය මේ මනුස්සයා නාමල් හරහා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වෙලා දැන් ෂම්මිට කඩේ යන්න පටන් අරන්.


තේරීම් කමිටු සභාපති හා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙක්  හැටියට ඩොලර් 750 ක දිනක දීමනාවක් සහිතව ටීම් එකත් එක්ක ලෝක කුසලානයට ගිය ප්‍රමෝද්‍ය ඒක කුජීත වෙලා එන ගමන් කටුනායක එයාර් පෝට් එකේදි මාධ්‍ය අමතල  කිව්වා පුදුම කතාවක්.

ඒ තමයි ලෝක කුසලාන කුජීත පරාජය පිටුපස කුමන්ත්‍රණයක් තිබෙන බවත් ඒ ගැන තොරතුරු පසුව හෙළිදරව් කරන බවත්.


මේ කතාව නිසා ප්‍රමෝද්‍යට ක්‍රීඩාවේ වැරදි විමර්ශනයට  කීප සැරයක් යන්න වුනා ඒ ගැන කට උත්තරයක් දෙන්න.

ලෝක කුසලාන පරාජයත් එක්ක මාසෙකට ලක්ෂ 5 ක්  පඩි ලැබුණු චීෆ් සිලෙක්ටර් කම ප්‍රමෝද්‍යට අහිමි වුණා.

ඔය කතාව කියපු නිසා ෂම්මිලා බය වෙලා ඒ එක්කම ප්‍රමෝට බෝඩ් එකේ තනතුරක් අලුතින් හදල ජොබ් එකක් දුන්නා. 


ඒකෙන් ප්‍රමෝගෙ කටත් වැහුණා.  වැරදි විමර්ශන ඒකකයේ විමර්ශනයත් නැවතුනා.


කට අරින්නෙ නැතිව ඉන්න ෂම්මි දුන්න Major cricket clubs convener  හැටියට හදල දුන්න ජොබ් එකට මාසෙට පඩිය ලක්ෂ හතහමාරයි, වාහනේ එලවන්ස් එක ලක්ෂ දෙකහමාරයි පෙට්‍රල් ලීටර් 200 යි.පැකේජ් එක නරක නෑ.කරන ඉලව් ජොබ් එකකුත් නැතිව ලක්ෂ 10 කට වැඩි පිං පඩිය මඳැයි ඉතින් ලෝක කුසලානෙ කුජීත විදියට පැරදිච්ච විදිය එළියට නොදා ඉන්න එකට.


හරි නම් මෙහෙම පිං පඩියක් නැතිව ප්‍රමෝද්‍ය ඉන්න ඕන හිරේ බව කිව යුතුයි.


මේ පින්තූරෙ දැක්වෙන්නෙ ප්‍රමෝද්‍ය පහුගිය දිනක ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි වුණ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ජනාධිපති වරයාවත් අන්දා ක්‍රිකට්බෝඩ් නියෝජිතයෙක් ලෙස පෙනී හිටපු ආකාරයයි.


මේ දවස් වල සල්ලි නැතිව කොස්ට් කටින් යන ක්‍රිකට් බෝඩ් එකෙන් කෝටි ගානක පොල්හේනෙ ක්‍රිකට් පිටියක් හා ඇකඩමියක් හදල දෙන්න (හදුනෙත්තිට ලබන චන්දෙට චන්ද අරන් දෙන්න) ක්‍රිකට් බෝඩ් එක වෙනුවෙන් මේ රැස්වීමට ප්‍රමෝද්‍ය ආවෙ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්.


මාතර ක්‍රිකට් නංවන්න සත පහක දෙයක්  නොකළත් දැනට කුජීත වෙලා ඉන්න මාතර ක්‍රීඩා සමාජෙ සභාපති හැටියට එතන්ට ආවා වෙන්නත් පුළුවන්. කොහොම ආවත්  ප්‍රමෝද්‍ය මෙතන්ට ආවේ කලිසමක් ඇඳගෙනද කියල කාටවත් පෙනුනෙ නැත්තෙ මොකද කියල lankasportsnews ට නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා.


No comments:

Post a Comment