උද්දච්ච ක්‍රීඩා ඇමති ක්‍රීඩාව බිමට වට්ටලා
ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නේ මෙරට ක්‍රීඩාවේ බොරුව වපුරන අමාත්‍යාංශයක් බවටත් ක්‍රීඩා ඇමතිවරයා යනු තවත් එක උද්දච්චයකු බවටත් චෝදනා ක්‍රීඩා ක්ෂෙත්‍රය තුළ දැඩි කතා බහට ලක්ව තිබෙනවා.
රග්බි සංගමය පාලනය සිදු කෙරෙන්නේ ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායකගේ සිතැඟි අනුව බවත් ප්‍රසිද්ධ කරුණක්.
ක්‍රිකට් සඳහා නාමිකව පරිවර්තන කමිටුවක් ලෙස නම් කර පත් කරන ලද අතුරු කමිටුව ඔහුට කොහෙත්ම පාලනය කළ නොහැකි ඉහළින්ම පාලනය කෙරෙන ස්ථානයක් බවට පත්ව තිබීම නිසා ඔහු පසුවන්නේ කළකිරීමකින්.
හෙල්ල විසි කිරීමේ ශූරයා ලොව අංක එක ශ්‍රේණිගත වීම හැරුණු විට ලාංකීය ක්‍රීඩාවේ කිසිදු ප්‍රගමනයක් මොහුගේ කාල සීමාවේ දකින්න නොමැති වුණත් මොහු සිතා ඉන්නේ මෙතෙක් ලංකාවේ හොඳම ක්‍රීඩා ඇමති තමන් බවයි.
මෙතෙක් නෙට්බෝල් වල තිබුණු ආසියානු ආදිපත්‍යයද ගිලිහී ලෝක සූරතාවටද යාම අහිමි වීම මොහු එම ක්‍රීඩාවට උවමනාවට වඩා අත පෙවීමෙන් සිදු වූ අභාග්‍ය සම්පන්න සිද්ධියක්.
ලංකාවේ මෙතෙක් කලම්බු මැරතන් යනුවෙන් වාර්ෂිකව පවත්වාගෙන ආ සාර්ථක ඉසව්වක් උදුරා ගනිමින් ඔහු එම නමින්ම තවත් මැරතන් තරගයක් පැවැත්වීමට කටයුතු කිරීමත් විහිළු සහගත සිද්ධියක්.
මේ අතර ඔහු ප්‍රමුඛ පෙළ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ ඒ හා බී කොටසේ ක්‍රීඩා සමාජ තුන බැගින් එකවර පහත හෙළීමට කරන ලද නියෝගය අසාධාරණ බව කියමින් ඊට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ක්‍රීඩා සමාජ කිහිපයක් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වෙනවා.
ක්‍රීඩා සංගම් ගණනාවකට අතුරු කමිටු පත් කිරීමත් ඒවාට හිතමිතුරන් පත් කිරීමත් තම පෞද්ගලික ලේකම්වරයා මගින් ඒවායේ පරිපාලනය පාලනය කිරීමට යාමත් නිසා එම සංගම් අකර්මන්‍ය වී ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ කරුණක්.
ඔහුට එරෙහිව නැගෙන අලුත්ම චෝදනාව වන්නේ කිසිදු අයකුට ඔහු මුණගැසීමට නොහැකි බවයි. ක්‍රීඩාවේ ප්‍රශ්න සියල්ල තම පෞද්ගලික ලේකම් වරයාට පවරා කිසිවකට කන් නොදී සිටීම ඔහුගේ සිරිතක් බවට ක්‍රීඩා සංගම් චෝදනා කර සිටිනවා. යුපුන් අබේකෝන්ගේ සිද්ධියේදි ඔහු කටයුතු කළ ආකාරයත් බොහෝ දෙනාගේ විවේචනයට හේතු වී තිබෙනවා.

No comments