• Breaking News

    ක්‍රිකට් පුහුණුකරුවන් බඳවා ගැනීම හිතුමතයට සිදු කෙරෙන බවට චෝදනාවක්


    ක්‍රිකට් ආයතනයට අලුතින් පුහුණුකරුවන් බඳවා ගැනීමේ පටිපාටිය ගැන දැඩි ලෙස විවේචන එල්ල වෙමින් පවතිනවා.


    දැනටමත් මෙහි පුහුණුකරුවන් 90 ක් පමණ සිටින අතර එය 60 ක් දක්වා අඩු කිරීමට තීරණයක් ගෙන ඇති බැවින් අලුතින් සම්මුඛ පරීක්ෂණ කැඳවීම සිදු කර තිබෙනවා.


    නව තනතුරු සඳහා දැනටමත් සේවයේ යෙදී සිටින දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන් මෙන්ම අලුත් අයදුම්කරුවන් රැසක් ඉල්ලුම් කර තිබුණත් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමේ ක්‍රම වේදය අවුල් සහගත බව පුහුණුකරුවන් රැසක් අප වෙත දැන්වුවා.


    ඔවුන් පවසන්නේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර්හි රුවන් කල්පගේ ඔහුට අවශ්‍ය තෝරා ගත් අයට පමණක් සම්මුඛ පරීක්ෂණ වලට කැඳවීම් සිදු කරන බවයි.


    මෙම සම්මුඛ පරීක්ෂණ මිනිත්තු පහකට සීමා වන බවත් ඕස්ට්‍රේලියාවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ ඈෂ්ලි රොස් නම් අයකු එයට එක්වී ප්‍රශ්නයක් දෙක ක් අසා ඉක්මනින් එය අවසන් කෙරෙන බවත් වාර්තා වෙනවා. මේ හේතුවෙන් හැඟී යන්නේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කලින්ම ඔවුන්ට අවශ්‍ය අය තෝරාගෙන අවසන් බව යනුවෙන් බොහෝ පුහුණුකරුවන් පවසනවා.


    No comments