Lankasportsnews දිගින් දිගටම පෙන්වා දුන් කළමනාකරු මාෆියාව අහෝසියි.!
දිගින් දිගටම lankasportsnews විසින් පෙන්වා දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු මාෆියාව වෙනස් කිරීමට ඉරාන් වික්‍රමරත්න ප්‍රමුඛ නව ක්‍රිකට් පරිවර්තන කමිටුව පියවර ගෙන තිබෙනවා.
මේ අනුව ජාතික කණ්ඩායම් වල කළමනාකරුවන් ලෙස බැඳීමට සුදුසුකම් ලැබිය හැකි අයගෙන් අයදුම්පත් කැඳවීමට ඔවුන් පුවත්පත් දැන්වීම් පළ කර තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකා පිලේ දිගටම කළමනාකරු ලෙස රැඳී සිටින මහින්ද හලංගොඩ , ඒ කණ්ඩායම් කළමනාකරු ලෙස ඉල්ලන් කටයුතු කරන විනෝදන් ජෝන්, කාන්තා කණිෂ්ඨ කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරන කමල් පුෂ්පකුමාර වැන්නන්ටත් අලුතින් අයදුම් කිරීමට සිදුවනු ඇතැයි පරිවර්තන කමිටුවේ අදහස වී තිබෙනවා.
මේ මගින් ක්‍රිකට් උසස් නිලධාරීන්ට මුට්ටිය අල්ලා දිගින් දිගටම ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරුවන් ලෙස කටයුතු කිරීමේ මාෆියාව ඉවත් කෙරෙන බව lankasportsnews දිගින් දිගටම පෙන්වා දුන් කරුණ මල් ඵල ගැන්වීම සතුටට කරුණක්.
සබැඳි පෙර ලිපිය
මොන වෙනස් කම් කළත් කළමනාකරු පිළිලය තවම නොවෙනස්

No comments