• Breaking News

    අයිසීසී ලොක්කා හදිසියේ ලංකාවට ආවේ ඇයි ?


    අයි සී සී ලොක්කා ජේ ෂා හදිසියේ ලංකාවට ඇවිත් ජනාධිපති අනුර කුමාර හා පරිවර්තන කමිටුව හමුවීම බොහෝ අය මවිත කරවන්නක් වුණා. ඒ අතර ඇතැම් මාධ්‍ය එම හමුව විවිධ අයුරින් වාර්තා කර තිබුණා. නමුත් ක්‍රිකට් ආයතනයෙන් ඒ ගැන පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණේ එම හමුව සුහද ලෙස පැවැති බවයි.


    මේ අනුව ජුලි මස අවසන් වීමට පෙර නිලවරණය පැවැත්විය යුතු බවට ඔහු කියා තිබුණු බවක් ක්‍රිකට් ආයතනයේ නිල නිවේදනයේ සඳහන් වුණා.


    ජේෂා දිනක් තුළ ජනපතිවරයා හා පරිවර්තන කමිටුව මුණ ගැසුණත් හිටපු සභාපති ෂම්මි මුණ ගැසීමක් සිදුව නැතැයි වාර්තා වෙනවා.


    ෂම්මි පාර්ශ්වයට ජේෂා හමුවීමට බලවත් අවශ්‍යතාවක් තිබුණත් එය සිදු නොවීම විශේෂ සිද්ධියක්.


    එහෙත් ජේෂා මෙම හමුවට ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයේ ලේකම් වරයා කැඳවාගෙන ඒම එතිකල් නොවන බව කිව යුතුයි.


    ජේෂා ඉන්දීය ජාතිකයකු වුවත් ඔහු වැඩ කළ යුත්තේ ස්වාධීන පුද්ගලයකු ලෙසයි.

    අනික් කරුණ නම් අයිසීසී සභාපති ලෙස අයිසීසී තීරණ ඔහුට තනිව ප්‍රකාශයට පත් කළ නොහැකි අතර එවැනි තීරණ අයිසීසියේ නිල නිවේදනයක් ලෙස පළ කළ යුතු බවයි.


    ඔහු එසේ කටයුතු කළහොත් හිටපුලෝක පාපන්දු සභාපති සැප් බ්ලැටර් ට වූ දේ ඔහුටත් විය හැකියි.


    ජාත්‍යන්තර සංගමයක සභාපතිවරයකුට කිසිවිටෙක තනි තීරණ වලට එළඹීමට නොහැකියි.


    මේ අතර ඔහු ලංකාවට ඒමට පෙර අහමදාබාද්හි දී සනත් ජයසූරිය මුණ ගැසීමත් මතබේදයට තුඩු දෙන්නක්.



    අයිසීසිය මගින් දෙවසරක තහනමකට පත්වූ හා ලංකාවේ ක්‍රීඩා පනත උල්ලංඝණය කරමින් ක්‍රිකට් ආයතනයේ නිල තල දැරූ පුද්ගලයකු සමග ඔහුට ඇති ගනුදෙනුව කුමක්දැයි විමසිය යුතු කරුණක්.


    මීළඟ නිලවරණයට සනත්ගේ නම තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කිරීමට ෂම්මි ඇතුළු පිරිස කටයුතු කරමින් සිටින බවත් මීට පෙර වාර්තා වී තිබුණා.


     ක්‍රිකට් ආයතනයේ රැකියාවෙන් ඉල්ලා අස්වුණත් සනත් තවමත් මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස කටයුතු කරනවා. ඔහු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේත් උප සභාපති වරයකු ලෙස රැ‍ඳී සිටිනවා. මේ අතර යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉන්දීය අගමැති මෝදිගෙන් මුදල් ඉල්ලා දෙන බව කියා ජනපති අනුර කුමාරව රැවටීම නිසා ඔහු සනත් සමග අමනාපයෙන් සිටින බවත් වාර්තා වෙනවා.

    No comments