මාස්ලාගෙන් වැඩේ අතට ගත් මූස්ලාගෙන් මුස්පේන්තු වර්ල්ඩ් කප් ටී ෂර්ට් එකක්
විස්සයි විස්ස ලෝක කුසලානෙට ඔන්න මෙන්න කියල තියෙද්දි ක්‍රිකට් බලධාරීන් අපේ ක්‍රීඩකයො ලෝක කුසලානෙ තරග වල අඳින ඇඳුම් කට්ටලේ එළි දක්වන්නත් ලොකු මීඩියා ෂෝ එකක් කළා. දසුන්, පැතුම්, චරිත් මොඩ්ල් වලට අරන් මොඩ්ලින් ෂෝ එකක් කරපු මේ එළි දැක්වීම පැය විසි හතරක් යන්න කලින් බැක් ෆයර් වෙලා.
සමාජ ජාල හැම තැනම මේ පාර ඇඳුම කිංඩියට අරන් පෝස්ට් හදල දාල තිබුණා.
ගොඩක් දෙනා මේ පාර ටී ෂර්ට් එක අරලිය හාල් උරයක් හැටියට අර්ථ දක්වල ලස්සන පෝස්ටු සංසරණය කරල තිබෙනවා දකින්න ලැබුණා.
ඒ වුණත් lankasportsnews නම් දකින්නෙ ක්‍රීඩකයන්ට බිබ් එකක් අන්දල වගෙයි.
ක්‍රිකට් ක්‍රීඩාවෙ බිබ් එකක් කියන්නෙ අතිරේක හෙවත් රිසව් ක්‍රීඩකයො පිටිය වටේ යද්දිත් පිටිය මැද්දට යද්දිත් ටී ෂර්ටයට උඩින් අඳින බැනියමයි.
අපේ ක්‍රීඩකයන්ට මෙවර නිර්මාණය කරල තියෙන ටී ෂර්ටය ඇඳන් කණ්ඩායම පිටියට බහින කොට පේන්නේ හරියට රිසව් ක්‍රීඩකයො එකොළොස් දෙනෙක් පිටිය මැදට එනව වගෙයි.
ඩිවිෂන් 3 ක්ලබ් වලටත් මීට වඩා කැපී පෙනෙන හොඳ සප්ලිමෙන්ෂන් කළ ටී ෂර්ට් නිර්මාණය කරන ඇඳුම් සපයන්නො අද ඕන තරම් ඉන්නවා.මහරගම පැත්තෙ විශේෂයෙන්.
කාලයක් තිස්සේ අපේ රටේ බොහෝ ක්‍රීඩා වල ජාතික කණ්ඩායම් වලට ඇඳුම් සැපයුවේ ලංකාවේ ප්‍රධාන පෙලේ ඇඟලුම් සමාගමක් වන මාස් ( MAS) සමාගමයි. ඔවුන් ක්‍රිකට් කණ්ඩායමටත් වසර ගණනාවක් ඒ දේ අනුග්‍රාහකත්වයක් සමගම කළා.
ඒත් ක්‍රිකට් බලධාරීන් හිටි හැටියේ එම කටයුත්ත මාස් සමාගමෙන් මූස් සමාගමට මාරු කළා.
මේ මාරුව පිටුපස කවුරු හිටියත් අං තට්ටුවක් ලෝගෝව ලෙස තියෙන මූස් සමාගමේ ඇඳුම් නිර්මාණ නම් බොහොම ප්‍රාථමික ස්වභාවයක් ගත්තා.
ඔවුන්ගෙ මේ ප්‍රාථමික නිර්මාණ ප්රතික්ෂෙප කිරීමට තරම් දැනුමක් හෝ කොන්දක් ෂම්මිටත් තිබී නැතැයි වාර්තා වෙනවා.
එහෙම නැත්තන් ස්ටේජ් එකට නැඟ බිබ් එකක් වැනි නිල් පාටට වඩා කහ පැහැය වැඩි කහ පැහැය මත සුදු පාටින් මුද්‍රණය කළ ලෝක කුසලාන ලෝගෝව සහිත ගොබ්බ ටී ෂර්ටය එළි දක්වන මහා මංගල්‍යයට ඔහු සහභාගි වන්නෙ නැහැ.
ඊළඟ විශේෂත්වය නම් ලංකාවට ආවේණික සිංහයා මෙවර අතුරුදන් වී තිබීමයි.
සිංහ කොඩිය සිහිපත් කරමින් එදා සිට විශේෂයෙන් ලෝක කුසලාන තරගාවලි වල ක්‍රීඩකයන්ට අභිමානයක් ගෙන දෙන අන්දමින් සිංහ රුව ඇඳුමට ඇතුළත් කිරීම සිරිතක් වුණත් මෙවර එය නොමැති වීම ගැන මූස්ලාගෙන් අහන්නවත් කොන්දක් ෂම්මිලාට නොමැති වීමත් පුදුමයට කරුණක්.
මේ ගොබ්බ ටී ෂර්ටය වර්ණනා කරමින් ක්‍රිකට් පඩි ලැයිස්තුවේ ඉන්නා ඇතැම් මාජ්යවේදීන් එහි සිට ලයිව් පවා දෙන හැටි බොහෝ දෙනාගේ සිනහවට කාරණයක් වුණා.ඇතැම් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පවා මූස්ලාගේ වැඩ කිඩ ගැන ඔවුන් උස්සා ලියා තිබෙනු දකින්න ලැබුණා.
මේ ඇඳුම නිසා ලෝක කුසලාන තරග අතර තුර මැච් රෙෆ්රිලා හා අම්පයර්ලාට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩා කරන්නන් හා අතිරේක ක්‍රීඩකයන් වෙන් වෙන්ව හඳුනා ගැනීම නම් දුෂ්කර කටයුත්තක් වෙන්න පුළුවන් .



No comments