• Breaking News

    එස්.එස්.සී. නිලවරණයේ අලුත්ම ගේම


    ලංකාවේ අංක එකේ ක්‍රීඩා සමාජය ලෙස පිළිගැනෙන කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ නිලවරණය හෙට අනිද්දා පැවැත්වීමට නියමිතයි. වෙනදා මෙහි නිලවරණ මහාත්ම ලීලාවෙන් පැවැත්වුණත් මෙවර නිලවරණයේ එහි ප්‍රධාන නිලතල හා කමිටුවට පත්වීම සඳහා බලු පොරයක් නිර්මාණය වී තිබෙනවා.


    මෙයට හේතුව වී ඇත්තේ නිලවරණ කටයුතු ගේම් ඔස්තාර්වරුන් වන ෂම්මි හා සුජීව ඇතුළු හිටපු ක්‍රිකට් පරිපාලකයන් පිරිසක් එස්.එස්.සී. පරිපාලන බලය තමන්ට නතු පිරිසකට අල්ලා දීමට කුමන්ත්‍රණයක් දියත් කර තිබීමයි.


    කෙටියෙන් කිවතොත් සී.සී.සී.ය විසින් එස්.එස්.එස්.සී ය ආක්‍රමණය කිරීමයි.


    මෙම කුමන්ත්‍රණය දියත් කිරීමේදී ඔවුන් ෂම්මිගේ බෑණන්ඩියගේ පියා වන සුරේන් ගුණවර්ධන හා හිටපු පිහිනුම් සංගම් නිලධාරියකු වෙනත් සාමාජිකයන් බා ගැනීම සඳහා යොදා ගෙන ඇතැයි වාර්තා වෙනවා.


    සබැඳි පෙර ලිපි

    SSC බලය අල්ලන්න CCC යෙන් රහස් මෙහෙයුමක්


    බල තණ්හාව නිසා රංජිත් පණ්ඩිතගේ එස් එස්.සී එකේ නෝන්ඩි වෙයි


    එස්.එස්.සී. පිටියේ ලයිට් වලින් පණ්ඩිතගේට ගජ වාසි



    No comments