• Breaking News

    යාපනය ක්‍රීඩාංගණය සම්බන්ධව ෂම්මිලා,සනත්ලා කළ බොරුව තහවුරු වෙයි!


    ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් පවත්වන්නට යෙදුනු මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ එහි ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර්ට අනුව යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්ව් ඉදි කිරීමට යට කිරීමට තරම් මුදලක් ක්‍රිකට් ආයතනයේ නොමැති බව තහවුරු වුණා.


    මේ අනුව lankasportsnews මුල සිටම යාපනය ක්‍රීඩාංගණය ගැන කරන ලද හෙළිදරව් සත්‍ය බව ඔප්පු වෙනවා.


    තිලංග සුමතිපාල සමයේ විශාල මුදලක් වැය කොට සකස් කෙරුණු මෙම ක්‍රීඩාංගණය හා සුපිරි මහල් නිවාස ව්‍යාපෘති project එක කිසිවිටෙක කළ නොහැක්කක් නිසා අත් හැර දමා තිබියදී ෂම්මිවද මුලා කොට එය යළි කරළියට ගෙනාවේ සුජීව ගොඩලියැද්දයි.


    ඒ අනුව ඔවුන් ජනාධිපති අනුර කුමාරවත් අන්දවමින් මෙය ඔහුට ඉදිරිපත් කළ අතර අවසානයේ මෙයට මුල්ගල් තැබීමේ උත්සවයේදී ජනාධිපතිවරයා මොවුන් විශ්වාස කර මුළු උතුරු ජනතාවටම පොරොන්දුවක් දුන්නේ උතුරට නුදුරේම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලැබෙන බවටයි.


    මෙයට තවත් බොරුවක් එක් කරමින් සනත් ජයසූරියද මෙම ක්‍රීඩා‍ංගණය ඉදි කිරීම සඳහා තමන් ඉන්දීය අගමැති මෝදිගෙන්ක් විශාල මුදල් ආධාරයක් ඉල්ලා දෙන බව කියමින් ජනාධිපතිවරයා ඇන්දවීමට කටයුතු කළා.


    මේ ඇන්දවීමේ ප්‍රතිඵලය අවසානයේ ෂම්මිලා ගෙදර යැවීම දක්වා දුර දිග යාවි ෆ් යැයි කිසිවකු හිතුවෙ නැති වුණත් සිරසේද මැදිහත් වීමෙන් එය සිදුවුණා.


    දූෂිත ක්‍රිකට් පරිපාලකයන් වහා පන්නනු යනුවෙන් රට පුරා නැගුණු විරෝධය හමුවේ ජනාධිපතිවරයාගේ පියවර තවත් ඉක්මන් වුණා.


     ෂම්මි පාලනය වෙනුවෙන් සාගලලා, හරින්ලා එක්ව රනිල්වද බැලන්ස් කරන්නට සමත් වුණත් රනිල්ටවත් කළ නොහැකි වූ දෙයක් කරන්නට අනුර කුමාර ජනාධිපතිවරයා සමත් වුණා. ඔහු මේ දේ කළේ මෝදි හරහා ජේෂාවද බැලන්ස් කරවමින් වීම විශේෂත්වයක්.


    සබැඳි පෙර ලිපි

    මන්ඩතිව් දූපතේ යෝජිත යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නීතිවිරෝධී හා පරිසරයට අනතුරුදායකයි – WNPS අනතුරු අඟවයි


    පිට්ටනිය ගැන දුන් බොරු ටෝක් වලට යාපනෙන් පාඩමක්


    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන්න වට්නාකමට වඩා වැඩියෙන් ගෙවන්න සුජීව සූදානම් වෙයි..



    No comments