• Breaking News

    ක්‍රිකට් පරිවර්තන කමිටුවේ අවධානය හයි පර්ෆෝමන්ස් සෙන්ටර් සුදු අලියා වෙතත් යොමු විය යුතුයි.


    ක්‍රිකට් වෙනුවෙන් පත් කළ පරිවර්තන කමිටුව මේ වන විට කළමනාකරුවන්, දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන්, ලයිසන් ඔෆිසර් වරුන්, තරග තීරක වරුන් අලුතින් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. මෙය හොඳම ප්‍රවණතාවක් ලෙස දකින්න පුළුවන්.

     

    මෙතෙක් මෙම තනතුරු වලින් වැඩි හරියක් පුරවා තිබුණේ ෂම්මි, ජයන්ත,සුජීව හා රවින්ගේ හිතවතුන්ගෙන් වූ අතර එම පත්වීම් පිටුපස හිතවත් කම හා මුට්ටි ඇල්ලීම මෙන්ම චන්ද හිමි ක්‍රීඩා සමාජ වල තනතුරු දැරීමද දකින්න ලැබුණා.


    රවින් විසින් පානදුර ප්‍රදේශයේ පුහුණුකරුවන් රැසක් දිස්ත්‍රික් , පළාත් හා හයි පර්ෆෝමන්ස් පුහුණුකරුවන් ලෙස බඳවා ගෙන තිබුණු අතර ජයන්ත විසින් තම හිතවතුන් කළමනාකරුවන් ලෙස බඳවා ගෙන තිබුණා.


    මේ අතර ෂම්මි විසින් තමන් සභාපතිත්වය දරණ සී සී.සී ක්‍රීඩා සමාජයේ අයවළුන් පුහුණුකරුවන්, රියදුරන්, කළමනාකරුවන් ලෙසත් සුජීව විසින් තමන්ට හිතවත් කාන්තාවන් වැඩි පිරිසක් ලේකම්වරියන් ලෙසත් බඳවා ගෙන තිබුණා.


    මේ අතර විවිධ චෝදනා වලට ලක්වූ තරග තීරකවරුන්, ලයිසන් ඔෆිසර් වරුන් නැවත නැවතත් සේවයේ පිහිටුවීමද පසුගිය කාලයේ සිරිතක්ව තිබුණා.


    එහෙත් තවමත් පරිවර්තන කමිටුව හයි පර්ෆෝමන්ස් සෙන්ටර් නම් සුදු අලියා වෙත තම අවධානය යොමු කොට නැති බව වාර්තා වෙනවා.


    මෙහි ජාතික තලයේ සිටින ඇතැම් පුහුණුකරුවන් හැට පැන්න පෙන්ෂන් යැවිය යුතු අයයි. 


    ලංකාවේ ජාතික තලයේ ක්‍රිකට් මට්ටම ඉහළ නැංවීමට නම් එම අංශය උඩ සිට පහළටම ශුද්ධ කළ යුතුව තිබෙනවා.


    ජෙරොම් ජයරත්න, රුවන් කල්පගේ, හේෂාන් ද මෙල්, මෙතෙක් කලක් විශාල වැටුප් ලබමින් කළදේ වහාම සොයා බැලිය යුතුයි.


    බ්‍රේන් සෙන්ටර් යනු සේවාවට වඩා බොරුව රජ කරන තැනක්.


    පුහුණු අධ්‍යයන අංශයේ සිටින සමහර උපදේශකයන් ජිව්තේටම ලෙදර් බැට් එකක් අල්ලාවත් නැති බව ප්‍රසිද්ධ රහසක්.


    එමගින් මෙහෙයවන ලෙවල් 1,2,3 පුහුණුක් පාඨමාලා ලොව කිසිම රටක පිළිගැනීමට ලක් නොවන බව කිව යුතුයි.


    එම පාඨමාලා හැදෑරීමට සුදුස්සන් තෝරා ගැනීමේද දූෂණ රැසක් තිබෙනවා.


    පසුගියදා සිදු කෙරුණු ලෙවල් 3 පුහුණු පාඨමාලාවට බඳවා ගත් සමහරු ජීවිතයටම කිසි තැනක පුහුණුකරුවන් ලෙස කටයුතු නොකළ අය වීම විශේෂත්වයක් . ක්‍රිකට් පරිවර්තන කමිටුව මෙතෙක් කළ වැඩ ටික නම් අපූරුයි. ඒත් අප සඳහන් කළ පැත්තටත් අවධානය යොමු කළ යුතුයි.


    සබැඳි පෙර ලිපිය

    ලෝකයේ කමකටම නැති ක්‍රිකට් පුහුණු අංශය ඇත්තේ ලංකාවෙයි


    No comments