• Breaking News

    විවේචකයන් මඬින්න නඩු වලට පමණක් ෂම්මිලා කෝටි 68 ක් වියදම් කරලා


    ක්‍රිකට් ආයතනය විසින් පසුගිය වසර තුන ඇතුළත පමණක් නීති උපදෙස් හා නීතිමය කටයුතු වෙනුවෙන් මිලියන 680 ක් වියදම් කොට ඇතැයි වාර්තා වෙනවා.


    තෝරා ගත් නීතිවේදින් කිහිප දෙනකුට පමණක් මින් අඩක් පමණ ගෙවා ඇති බවත් මේ සියල්ල ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එක් එක් අයට දැමූ නඩු වෙනුවෙන් ගෙවා ඇති බවත් වාර්තා වෙනවා.


    අංක එකේ ක්‍රීඩාංගණයක් හදන්න පුළුවන් ගණනක් මෙසේ නඩු වෙනුවෙන් වියදම් කර ඇත්තේ ෂම්මි පාලනය විවේචනය කළ මාධ්‍යවේදීන්, ඔවුන්ගේ මාධ්‍ය ආයතන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු ක්‍රීඩා ඇමතිවරුන්, සමාජ ක්‍රියාකරුවන්ගේ කටවල් වැසීම සඳහාය.


    මේ සඳහා නඩුකාරයන්ට බලපෑම් සිදු කළ හැකි ලංකාවේ නම් දැරූ නීතිවේදීන් යොදා ගෙන තිබීම විශේෂත්වයක්.


    ඒ අතර රොමේෂ් ද සිල්වා,කුවේරද සොයිසා වැන්නන්ද සිටිනවා.


    මේ සියලු නඩු කටයුතු සම්බන්ධීකාරක ලෙස කටයුතු කර තිබෙන්නේ ක්‍රිකට් ආයතනයේ නීති උපදේශක ලෙස කටයුතු කළ අසේල රැකව නම් නීතිවේදියාය.


    ඔහුද මේ වෙනුවෙන් ලබා ගෙන ඇති මුදල කෝටි ගණනක් වන අතර ක්‍රිකට් ආයතනයේ එකවුන්ට් එකෙන් ඔහු තම කාර්‍යාලය ලෙස සිනමන් හෝටලයේ සුපිරි කාමරයක් භාවිතා කර තිබෙනවා.


    මෙම වියදම් ලැයිස්තුව නුදුරේම හෙළිදරව් වීමට නියමිතයි.


    මෙම නඩුවල විශේෂත්වය වී ඇත්තේ ඇතැම් නඩු ක්‍රිකට් ආයතනයට නොව පෞද්ගලිකව ක්‍රිකට් මුල් පුටු දරන්නන් ඔවුන්ගේ නම් වලට වූ අපහාස ලෙස ගොනු කර තිබීමයි. ඒවායේ නඩු ගාස්තුද ගෙවා ඇත්තේ ක්‍රිකට් ආයතනයෙන් වීම බරපතල වරදක් වෙනවා. මේ සම්බන්ධව අල්ලස් හා දූෂණ විමර්ෂණ කමිටුවට පැමිණිලි කිරීමට තමන් කටයුතු කරන බව සමාජ ක්‍රියාකරුවන් කිහිප දෙනකු අප සමග පැවසුවා.



    No comments