• Breaking News

    නිළියන් සමග ආතල් එකේ මැච් බලන උප සභාපතිවරයෙක්


    පුනරුද ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිවරයාගේ පූර්ණ සහයෝගය ඇතිව පවත්වාගෙන යන ශ්‍ර්‍රී ලංකා ක්‍රිකට් හෙවත් ෂම්මි ඇන්ඩ් කම්පැණි ප්‍රයිවෙට් ලිමිටඩ් එකේ එක උප සභාපතිවරයෙක් අයිසීසී ඇන්ටි කරප්ෂන් එකෙන් නෝන්ඩි වෙද්දි අනෙක් උප සභාපති වරයා නිළියන්ගෙන් ආතල් එකක් ගන්න හැටි lankasportsnews අද හෙළිදරව් කරනවා.


    මීට පෙරත් නළුවන් දෙතුන් දෙනකු හා නිළියන් රොත්තක් සමග උප සභාපති ඒසී කුටියේ බුෆේකෑම හා බීම සමග කෙත්තාරාමයේ මැච් බලන උප සභාපති ජයන්ත ධර්මදාස ශ්‍රී ලංකා - එංගලන්ත තරගය නැරඹුවෙත් ඒ ආතල් එක ආයෙත් ගනිමින්.


    මීට පෙර ඕස්ට්‍රේලියාවේ පවත්වපු ලෝක කුසලාන ක්‍රිකට් තරග නරඹන්නත් ජයන්ත ධර්මදාස නිළියන් දෙන්නෙක් මෙල්බර්න් අරන් යන්න තරම් කරුණාවන්ත වුණා.මුලින් ක්‍රිකට් ආයතනයෙ මුදල් ඊට වැය කළත් පසුව ඒ මුදල් අතින් පියවූ බව කියවුණා.


    මේ නිළියන්ට ආතල් එකේ මැච් බලන්න ලැබෙන ආරාධනා මේ රටේ ක්‍රිකට් මෙතැනට ගේන්න කැපවීම් කරපු හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන්ටවත් නොලැබීම ගැන ඔවුන් අපට කතා කළේ බලවත් කනගාටුවෙන් යුතුවයි. රටේ ක්‍රිකට් බල්ලට ගියත් ක්‍රිකට් ලොක්කන් මෙසේ ආතල් ගන්නේ රටේ වත්මන් පාලකයන් පෙර සිටි පාලකයන් මෙන්ම තමන්ගේ සාක්කුවේ ඉන්න බව දන්න නිසයි.


    සබැඳි පෙර ලිපි 

    ක්‍රිකට් වලට රිංගා තමන්ගේ කොම්පැනි ගොඩ දා ගන්නා උප සභාපතිවරයෙක්



    ආසියානු කුසලානෙට ටීම් තුනක්ම යවා ලංකාවෙන් වාර්තාවක්



    No comments