Sunday, September 28, 2025

ආසියානු කුසලානෙට ටීම් තුනක්ම යවා ලංකාවෙන් වාර්තාවක්


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට හිටපු ශූරයන් ලෙස පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නකුට දෙකකුල් අස්සේ රුවා ගෙන ඊයේ ආපහු ලංකාවට ආවා. ඉන්දියාව හමුවේ දක්ෂතාවක් දැක්වුවත් එය හුදෙක් පැතුම් නිශ්ශංක ෂෝ එකක් පමණක් බව සත්‍යයක්.


ඉන්දියාව මේ තරගයට ක්‍රීඩා කළේ බුම්රා හා ඩුබේ විවේක ගන්වමින්. 


ඒත් පැතුම්ගේ පිති හරඹය කොහෙත්ම ඒ නිසා අඩු තක්සේරු කරන්න බැහැ.


ඩුබායි ෂොපිං වන්දනාවක් වගේ පෙනුනු මේ සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් වියදමින් කණ්ඩායම් තුනක් ගොස් තිබීම විශේෂ සිද්ධියක්.


පළමු කණ්ඩායම ක්‍රීඩකයන් 17 ක් පුහුණු සහායකයන් 8 ක් ඇතුළු ක්‍රිකට් කණ්ඩායමයි.


දෙවෙනි කණ්ඩායම ෂම්මි, රවින්, කපුවත්ත, සුජීව, ෂම්මි ගුණසේකර,නලින් අපොන්සු, ප්‍රියන්ත අල්ගම, ඇතුළු විධායක සභාවයි.මේ අයට ෂොපිං කිරීමට දිනකට ඩොලර් 750 ක දීමනාවකුත් ගෙවල තිබුණු බව lankasportsnews වෙත වාර්තා වෙනවා. 

නොගිහින් හිටියේ ජයන්ත ධර්මදාස විතරයි. ඩුබායි ගියොත් ඇරස්ට් කරන්න ඕඩරයක් නොතිබෙන්න ඔහු නිළියන් කිහිප දෙනෙක් හා සහායක ෂිබ්ලිත් එක්ක එහි යාම අනිවාර්‍යයි. 


ඊළඟ කණ්ඩායම මාධ්‍ය කණ්ඩායමයි. මොවුන්ට ලක්ෂ දෙකක දීමනාවක් මේ සඳහා ක්‍රිකට් ආයතනය මගින් ලබා දී තිබෙනවා. 

 මේ අතර මාසිකව ක්‍රිකට් ආයතන පේ රෝල් එකේ ඉන්න මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් ඇතුළත්.

ඒ නම් ලැයිස්තුව ඉදිරියේදී හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ සමහරු ඩුබායි වල ඉන්න තැන් හොයමින් හිඟමන් යදින හැටි තමන් දුටු බව ඩුබායිහි ශ්‍රී ලාංකිකයෙක් අපට පැවසුවා.


මේ අයුරින් ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ ආසියානු කුසලාන තරගාවලියට කණ්ඩායම් තුනක් යැවූ එකම රට බවට පත්වෙමින්. එකම අඩුවක් වූයේ පතෝල ක්‍රීඩා ඇමතිවරයාට ෂොපිං කිරීමට අවස්ථාවක් නොලැබීමයි.



No comments:

Post a Comment