සමාජ ජාල වලට නඩු දාන්න යන සනත්ට ප්‍රශ්න පත්තරයක්
සනත් ජයසූරිය විසින් තමන්ට මඬ ගසමින් විවිධ වැරදි ප්‍රචාර සමාජ මාධ්‍ය පිටු ඔස්සේ සංසරණය වන බවත් ඒවාට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් තම මුහුණු පොතෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
මෙම ප්‍රචාර වලින් දැක්වෙන්නේ ඔහු මසකට කෝටියකට ආසන්න මුදලක් දෙආකාරයකට පඩියක් ලෙස ලබා ගන්නා බවයි.
මේ ප්‍රචාරයන් බොරු නම් සනත් ජයසූරියට lankasportsnews පහත සඳහන් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරන්නේ හැකිනම් පිළිතුරු සපයන මෙන් ඉල්ලා සිටිමින්..
1.ඔබ ක්‍රිකට් ආයතනයෙන් පඩි දෙකක් ගන්නවාද?
2.එසේ නොමැති නම් පඩියක් ගන්නේ කුමකටද?
එම මුදල කියද?
3.අයිසිය මගින් ඔබට ක්‍රිකට් ක්‍රීඩාංගණයකටවත් යාමට නොහැකි වන පරිදි දෙවසරක තහනමක් පනවා තිබුණේ ඇයි.?
4.ක්‍රීඩා පනතේ අලුත් සංශෝධනයේ මෙහි දක්වා ඇති පිටුවේ අංක 12 පරිදි ඔබට ක්‍රිකට් ආයතනයේ මාතර දිස්ත්‍රික් සංගම් සභාපතිත්වය හා ජාතික පිලේ පුහුණුකාරිත්වය හෝ උපදේශකයකු ලෙස වැඩ කළ හැකිද ?
5.වරක් ඔබ අයිසිසිය මගින් තහනම් කිරීමට හේතු වු තරග වදින කණ්ඩායම කලින් ලීක් කිරීමේ වරද තවමත් සිදු කරනවාද ?
6.එසේ නොමැති නම් තවමත් තරග වදින කණ්ඩායම ඔබගේ මාධ්‍ය උපදේශක සගයාගේ වෙබ් අඩවියේ පමණක් පළ වන්නේ කෙසේද ?
7.පසුගිය දිනක ඔබ සහභාගි වී කමින් බොමින් නටමින් විනෝදවූයේ කණ්ඩායමේ ක්‍රීඩකයන් අට දෙනෙකුගේ කළමනාකරුගේ විවාහයේ උත්සවයේදීයි.එසේ එන්ජෝයි කළේ එම කළමනාකරු හා ඔබ අතර පවතින ප්‍රශ්න සහහත සමීප සම්බන්ධතාව නිසාද ?
8.ඔබ සතු වාහන කීයක් තිබේද? ක්‍රිකට් ආයතනයෙන් ඔබ නිල රථයක් ලෙස ලබා ගෙන ඇති වාහනය හා එහි වටිනාකම කීයද ?
9.පුහුණුකරුවකු වීමට ඔබ සතුව තිබූ සුදුසුකම් මොනවාද ?
10.උපුල් තරංග ඇතුළු තේරීම් කමිටුව ඉන්නේ නමටද? සියලු තේරීම් කරන්නේ ඔබද?
ඔබේ පිළිතුරු අනුව ඔය සමාජ ජාලා බොරු කාරයන්ගේ කටවල් වැහෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
No comments