• Breaking News

    රවින් වික්‍රමරත්න ඇන්ටි කරප්ෂන් එකෙන් අල්ලයි


    ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර කොළඹ ආර්.ප්‍රේමදාස  ක්‍රීඩාංගණයේ ඊයේ ( 11 ) පැවැත්වුණු කාන්තා ලෝක කුසලාන තරගය අතර තුර ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවින් වික්‍රමරත්නට අයිසීසියේ ඇන්ටි කරප්ෂන් නිලධාරියාගෙන්  දැඩි අවවාද කිරීමක් ලැබී ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.


    මෙයට හේතුව වී ඇත්තේ ඔහු විනාඩි දහයකට වරක් ක්‍රීඩිකා කාමරයේ සිට පිටතට ඇවිත් පඩි පෙළ අසලට වී සිගරට්ටුවක් දල්වා ගෙන බීම නිසයි.


    රවින් මේ තරගාවලියේ ක්‍රීඩිකාවන්ගේ කාමරයේ රිංගා සිටින්නේ  කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන නිසයි.


     කිසිදු ලජ්ජාවක් නොමැතිව කණ්ඩායමක විශේෂයෙන් කාන්තා කණ්ඩායමක  කළමනාකරුවකු ලෙස කටයුතු කරන ලොව එකම උප සභාපතිවරයා ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවා ඇති රවින් වික්‍රමරත්න තමන්ට තරවටුවක් කළ අයිසීසී නිලධාරියාට තමන් ක්‍රිකට් උප සභාපති බව පවසා තිබෙනවා.


    එයට පිළිතුරු දුන් අයිසීසී ඇන්ටි කරප්ෂන් නිලධාරියා ඔහුගේ උප සභාපති කම වෙනම තියා ගන්නා ලෙසත්  මෙතැන ඔහු කණ්ඩායමේ කළමනාකරු නම් ක්‍රීඩිකාවන්ගේ කාමරයට වී සිටින ලෙසත් පවසා තිබෙනවා.


    එතැන සිටි කෙත්තාරාම සේවකයන් ඉදිරියේ ලජ්ජාවට පත් වූ රවින් සිගරෙට්ටුව විසි කොට නකුට දෙකකුල් අස්සේ රුවා ගෙන එතනින් මාරු වී තිබෙනවා.


    ලංකාවේ තියෙන්නේ අපූරු ක්‍රිකට් බෝඩ් එකක් කළමනාකාර රස්සාවත් කරන උප සභාපතිලා දැක්කමයි යනුවෙන් ඔහු එතන සිටි තව සුද්දෙකුට පවසා තිබෙනවා.


    දිනකට ගෙවන ඩොලර් දීමනාවත් රැගෙන රවින් මීට පෙර ලංකා කාන්තා පිලේ කළමනාකරු ලෙස නවසීලන්ත සංචාරයකටත් සහභාගි වී එහිදී ක්‍රීඩිකාවන්ට පෑඩිස් මිළදී ගැනීමට ෆාමසි ගානේ ගිය බවත් වාර්තා වුණා.


    No comments