පුහුණුකාරයෝ ලෙසටම තෝර ගන්නා එකම රට ලංකාවයි
ලංකාවෙ තරම් පුහුණු කාරයො ඉන්න ක්‍රිකට් පාලක මණ්ඩලයක් ලෝකෙ මොන රටකවත් නැති තරම්. හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ පඳුරකට පයින් ගැහුවම දුසිම් ගණන් පුහුණුකාරයෝ විසි වෙනවා. ක්‍රිකට් හරියට ගහලත් නැති පුහුණු උපදේශකලා රට වටේම පත් කරලා. ක්ලබ් එකක්වත් පුහුණු කරල නැති කෝච් එඩියුකේටර්ස්ලා තමයි ලෙවල් 2,3 පුහුණු පාඨමාලා කරන්නේ.
ප්‍රධාන පුහුණුකරු සනත්ට මාසික වැටුප කෝටියයි.
එක එක කාලෙට දවස් දහයකට ගෙන්නන විදෙස් පුහුණුකරුවන්ට ඩොලර් වලින් ගෙවන්නෙ කිසිම ලෝබ කමක් නැතිව.
ටොම් මූඩිලා වගේ හොඳ හෙඩ් කෝච් කෙනෙක් නොගෙන හෙඩ් කෝච්ට සපෝට් කරන්න ඔන්න අලුතෙන් සුද්දො දෙන්නෙක් අරන්.
එක්කෙනෙක් ළඟදි දවස් දහයකට ඇවිත් ගිය පවර් හිටින් කෝච්. අනික් කෙනා ලංකාවෙ ඉපදිල තියෙන නවසීලන්තෙ ආචාර්ය කෙනෙක්.
මේ දෙන්නා ජාතික කණ්ඩායමේ පිතිකරණ හා දඟ පන්දු පුහුණුකරුවො හැටියට අරන් තියෙන්නෙ ලොකු පඩියකට.
මේ දෙන්න ආවම එළියට යන්නෙ තිළිණ කණ්ඩම්බියි, පියල් විජේතුංගයි.
ඉන්න බෝලර්ලයි බැට්ස්මන්ලයි කාපු මේ දෙන්න නම් අරන් දාන්න මෙච්චර පරක්කු වුණු එක තමයි වැඩේ.
ඒත් මේ දෙන්න යන්නෙ ගෙදර නෙවෙයි. හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකටයි. ඒකත් මහළු මඩමක් අනාථාගාරයක් වගේ තැනක්.පිං පඩි කාරයෝ දුසිම් ගණන්.
ලංකාවෙ බිහි වුණු හොඳම වමත් දඟ පන්දු යවන්න වන රංගන හේරත්ව නවසීලන්තෙ ජාතික කණ්ඩායමේ දඟ පන්දු යවන්නො පුහුණු කරන්න ගනිද්දි අපේ රටේ ක්‍රිකට් බලධාරියො නවසීලන්තෙ බාග කෑල්ලක් මෙහෙ ගේනවා.
හරියට අබුද්දස්ස කාලෙ ලබුත් තිත්ත වගේ.
වේග පන්දු පුහුණුකරු වෙන්න ලසිත් මාලිංගත් කෙළ හළමින් ඉන්නවා. ඔහු ෆේස් බුකියෙන් මේ දවස් වල බෝලින් විතරක් නෙවෙයි බැටින් ෆීල්ඩ් සෙටින් පවා උගන්නනවා.
ටී. එම්. ඩිල්ෂාන් මේ වෙන කොට ඒ වැඩේ හොඳින් කරන උපුල් චන්දන එලවලා ෆීල්ඩිං කෝච් වෙන්න බලන් ඕස්ට්‍රේලියාවෙ ඉඳන් ලංකාවට ඇවිත් ඉන්නවා.
ටොස් කැප්ටන් කපුගෙදරත් ඉන්නෙ එතන්ට රිංගන්නයි.
සනත්ගෙ චොයිස් එකට වැඩේ සිද්ධ වෙයි. මේ වෙන කොට ඒ ටීම් කෝච් හැටියට හොඳ ජොබ් එකක් කරන අව්ෂ්ක ගුණවර්ධන මේ කපේදි සනත් ඉන්නකල් ජාතික කණ්ඩායමේ සහාය පුහුණුකාර කමකට නොගන්න බව ස්ථිරයි.
ජාඩියට මූඩිය සෙට් වෙන්නත් ඕන කියනවනේ.
අපරාදෙ කියන්න බැහැ. පතෝල වගේ ක්‍රීඩා ඇමති කෙනෙක් ඉන්න ඇන්දෙන ජනාධිපති කෙනෙක් ඉන්න රටක දූෂිත හා උද්දච්ච ක්‍රිකට් බලධාරීන් පිස්සු නටද්දි ක්‍රිකට් ක්‍රීඩාවට අබ සරණයි කියනවා හැර වෙන මොනවා කියන්නද ?
No comments