තිලාන් සමරවීර සහය පුහුණුකරු තනතුරට
බංග්ලාදේශයේදී හෙට සිට
ආරම්භවන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු
ලෙස තිලාන් සමරවීර පත්කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මෙතෙක් එය නිල
වශයෙන් දැනුම් දීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර නැහැ. මේ අතර පිතිකරු
පුහුණුකරු ලෙස ද කටයුතු කරන්නේ තිලාන්
සමරවීරයි.
ප්‍රධාන පුහුණුකරු ලෙස
චන්දික හතුරුසිංහ මහතා පත්වීමට පෙර වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ නික් පෝතාස්
මහතායි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූයේ පන්දුරැකීමේ පුහුණුකරු ලෙසයි.
කෙසේ වෙතත් එලෙස ප්‍රධාන පුහුණුකරුවකු නොමැතිවූ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම භාරගෙන
ජයග්‍රහණ කරා කැදවාගෙන යාමට ඔහු කටයුතු කළා. පාකිස්ථාන හා ඉන්දීය සාර්ථක ටෙස්ට්
තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූයේ නික් පෝතාස් මහතායි.
හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගැනීමෙන් පසු සහය පුහුණුකරු ලෙස කටයුතු
කිරීමට නික් පෝතාස් ඉල්ලා සිටියා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය ප්‍රතික්ෂේප
කළා. අනතුරුව ඔහු ආගිය අතක් නැතිවූ බවයි කණ්ඩායමේ ක්‍රීඩකයකු Lankasportsnews වෙත කියා සිටියේ.
මේ අතර නික් පෝතාස්ගේ පන්දු
රැකීමේ පුහුණුකරු තනතුරට මනෝජ් අඹේවික්‍රම මහතා පත්කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය කටයුතු කර තිබෙනවා. හෙට සිට ආරම්භවීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ
සිට එම තනතුරේ ඔහු කටයුතු කරනු ඇති. කෙසේ වෙතත් මෙම පත්කිරීම් ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ. ක්‍රිකට් ආයතන ප්‍රකාශකයකු පැවසුවේ
මෙම පත්කිරීම් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ උපදෙස් මත සිදුකර ඇති
බවයි. හතුරුසිංහ මහතාගේ හොදම මිතුරා ලෙස තිලාන් සමරවීර හදුන්වාදියහැකියි. දෙදෙනා
එකට බංග්ලාදේශ කණ්ඩායම කලක් පුහුණුකළා. හතුරුසිංහ මහතා මෙරට වැඩ භාරගැනීමට පෙර
තිලාන් පිතිකරු පුහුණුකරු ලෙස වැඩ භාරගත් බව ඔබට මතක ඇති.
No comments