රග්බි ක්‍රීඩකයකුගෙ තරග දීමනාව 3000/= යි. ලජ්ජයි ඇමති තුමෝ.!
ලංකාවෙ පිනට ( පිනාට ) පහළ වූ ක්‍රීඩා ඇමතිවරයෙකුත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කෙනෙකුත් ඉන්නතාක් අපේ රටේ ක්‍රීඩාවට අබ සරණයි කියල තමයි මේ දවස්වල ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා කියන්නෙ.
ක්‍රිකට් හැරුණාම ආසියානු මට්ටමට හරි තරග කරන්න පුළුවන් තරමට දියුණු වෙලා තියෙන්නෙ නෙට්බෝල්, මලල ක්‍රීඩා හා රග්බි විතරයි.
ඒකෙනුත් රග්බි හා නෙට්බෝල් සංගම් වල ප්‍රශ්න විසඳලා නැතිව ඒවායේ පරිපාලනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ට පවරගෙන.
මාලිමාව දිනපු ගමන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ හැමෝම බලාපොරොත්තු වුණේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ගෙදර යවයි කියල වුණත් වැඩ බැරි ටාසන් ක්‍රීඩා ඇමතිවරය කළේ තමන්ගෙ වැඩ ටික අධ්‍යක්ෂ ජනරාල් ලවා කරව ගන්න එකයි.
ඉබ්බ දියේ දැම්මම ඇන්නෑවේ කිව්ව වගේ අධ්‍යක්ෂ ජනරාල් දැන් වැඩ කරන්නෙ ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලු තීරණ ගන්නා බලධාරියා තමන් ලෙස හිතාගෙනයි.
පහුගිය සතියෙ නවසීලන්ත කිලෝ 85 ට අඩු රග්බි ක්‍රීඩක කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයෙ තරග දෙකම රග්බි ලෝලීන්ගෙන් පිරී ඉතිරී ගියා.
ප්‍රබල නවසීලන්ත පිල හමුවේ පැරදුනත් ලංකා ක්‍රීඩකයො හොඳ සටනක් දුන්නා.
ඊට පෙර පැවති මලයාසියාව සමග තරගය ජය ගත්තා.
මේ තරග වලදි ලංකා කණ්ඩායමේ පුහුණුකරු හැටියට කටයුතු කළේ මාට්ස් මහතායි.
ඔහු මේ කටයුත්ත කළේ කිසිම ගෙවීමකින් තොරවයි.
ඒත් ක්‍රීඩා සභාවෙ ඉන්න රග්බි පකීර් කෙනකු විසින් නොමනා ලෙස කතා කිරීමක් නිසා ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වුණා.
නවසීලන්තයට එරෙහි තරග දෙක සඳහා එක් ක්‍රීඩකයකුට ගෙවා ඇත්තේ රුපියල් තුන්දහසක් පමණයි. පුහුණු දිනවලට රුපියල් ලබා දී ඇත්තේ රුපියල් පන්සීයක්.
මෙම තරගාවලිය මාකට් කර රුපියල් මිලියන හතලිහක් සොයා ඇතත් ක්‍රීඩකයන්ට මෙච්චර සොච්චම් මුදලක් ගෙවූ බව වැඩ බැරි ටාසන් ඇමති තුමා නොදන්නවා නෙවෙයි.
ජාතික ක්‍රීඩා සභාවේ රග්බි පකීර් හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් මේ ගැන අහන්නවත් ඔහුට කොන්දක් නැති බවයි අමාත්‍යාංශයේ අය පවසන්නේ.
මෙහෙම ගියොත් හිතේ ෆිට් එකට රට වෙනුවෙන් රග්බි ගහන කොල්ලො සෙට් එක ක්‍රීඩාවට සමු දුන්නොත් සියලු ප්‍රමුඛතා මග හැර මාලදිවයිනෙන් ක්‍රීඩා උපදෙස් ගන්න යන වැඩ බැරි ඇමති තුමා වග කිව යුතු බවයි කියන්න තියෙන්නෙ.
No comments