• Breaking News

    ට්‍රැක් අවුට් විනි සොරුන් ආරක්ෂා කරන එකම රට ලංකාවයි


    ක්‍රිකට් ක්‍රීඩකයකුගෙ ක්‍රිකට් දිවියම විනාශ කරන්නත් ක්‍රීඩා සමාජයක ඉරණමක් විසඳන්නත් ක්‍රිකට් විනිසුරුවරයකුට පුළුවන්. ඒ ලබා දෙන වැරදි විනිශ්චයන් වලින්.

     

    සමහර ක්‍රිකට් වින්සුරුවරුන් මැද්දේ තීරණ දීමේ කොහොමත් අදක්ෂයොයි. ඒත් විනිසුරු කමිටුවෙ ඉන්න මැටි හරක් අල්ලගෙන ඔවුන් දිගින් දිගටම ඉහළ රෑන්කින් වල රැඳී ඉන්නවා. 


    සමහර විනිසුරන් කලකට පෙර හොඳ මට්ටමේ විනිසුරන් වුණත් කල් යාමේදී ඔවුන් ට්‍රැක් අවුට් වෙනවා. එතකොට තරගයකට පෙර උදේ ඔවුන් දුටු ගමන් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ගේ මතකයට නැගෙන්නේ ඔවුන්ගේ මෑණිවරුන්වය. 


    කණ්ඩායම් නායකයන්ගෙන් බෑඩ් රිපෝට් කොතරම් ලැබුණත් තරග තීරක යහළුවන් ඔවුන් බැලන්ස් කිරීම නිසා මේ දුර්වල විනිසුරන්ට වෙනදෙයක් නොමැති තරමට ශ්‍රීලංකා ක්‍රිකට් විනිසුරු ක්ෂෙත්‍රය බල්ලට ගිහින්‍ ය.


    මෙහි දැක්වෙන්නේ එහෙම ට්‍රැක් අවුට් වී පිස්සු කෙළින විනිසොරෙකි.  ගිය වසරේ මොරටුව මහ ක්‍රිකට් තරගයේ පිස්සුවක් කර මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරුණු නිලාන් ද සිල්වා නම් මොහු කලකට විනිසුරු ජොබ් එකෙන් ඉවත් කර ගෙදර තියන්න තරම් බුල් කෙළින විනිසුරෙකි.ඊයෙ පෙරේදා ප්‍රිමියර් තරගයක ඕවරයකට පන්දු පහක් දීම නිසාද නෝන්ඩි වුණු මොහු පිටිය මැද චණ්ඩියෙකු ලෙසද හැසිරෙන බව lankasportsnews වෙත වාර්තා වෙනවා.


    මෙවැනි කල් ඉකුත් වූ නොන්ඩි ගසන , බඩ ගෙඩිය උස්සන් ඇවිද ගන්න බැරි විනිසුරුවන් කිහිප දෙනකු ගැනත් වාර්තා වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව කා දමන ක්‍රිකට් පරිපාලකයන් ගැන හෙළිදරව් කරන්නාක් මෙන් ක්‍රීඩාවට වින කටින මෙවැනි අපත විනිසොරුන් ගැනත් ඉදිරියේදි lankasportsnews හෙළිදරව් කරන්න සූදානම්.


    සබැඳි පෙර ලිපි


    ක්‍රිකට් විනිසුරුවන්ගේ පරීක්ෂණත් කෙරෙන්නේ හොරට !


    ක්‍රිකට් විනිසුරු කමිටුවෙන් තවත් අසාධාරණ පත් කිරීමක්



    ලංකාවේ ක්‍රිකට් වනසන විනි සොරුන් - Exclusive Video Exposed




    No comments