ක්‍රිකට් පුහුණු අංශය තරුණයන් ඉල්ලා නාකින් වැඩට ගනියි
ලංකාවේ ක්‍රිකට් ආයතනය කියන්නෙ එකක් කරන්නෙ තව එකක්. මේකට හොඳම උදාහරණෙ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකට පුහුණුකරුවන් බඳවා ගැනීම. එක් එක් වයස් කාණ්ඩ වල ජාතික පුහුණුකරුවන් බඳවා ගැනීමේදී ඔවුන් ඇඩ්වටයිස් කරන්නේ අවුරුදු හතලිහට අඩු විය යුතු බවට වුණත් අන්තිමේ බඳවා ගන්නේ හද්ද නාකි අයයි.
අවුරුදු 15 න් පහළ ජාතික පුහුණුකරු රොජර් විජේසූරියගෙ වයස හැට ගණනක්.ඔහු කලක් කනිෂ්ට කණ්ඩායම් වල පුහුණුකරු ලෙස කටයුතු කර ෆේල් වී ගෙදර යැවූ අයෙක්.
එහෙත් නැවතත් මෙසේ බඳවා ගන්න ඔහුගෙ බෝන් අගේන් සම්බන්ධය එක හේතුවක්.
පුහුණු අංශයේ රුවන් කල්පගේ හා ජෙරොම් ජයරත්නත් හොඳම බෝන් අගේන් කාරයොයි.
කාන්තා 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු මහේෂ් වීරසිංහටත් දැන් වයස පණස් ගාණක්.
ලක්ෂ 19ක වැඩිම වැටුපක් ලබන වේගපන්දු පුහුණුකරු අනුෂ සමරනායකටත් වයස හැට ගානක්. විනය කඩ කිරීමක් මත සේවයෙන් පහ කළ මොහුට නැවත වරක් රැකියාව ලබා දී තිබෙනවා. ඒ සනත් ජයසූරියගේ උදව්වෙන්. හරින් ප්‍රනාන්දුගේ ගජ මිතුරු සමාජයේ අනුෂත් සනත් එක්ක සම්බන්ධ වෙලා හිටියා.
කාන්තා ජාතික කණ්ඩායමේ පුහුණුකරු රුමේෂ් රත්නායක මතකයත් ගිලිහීගෙන යන හැට පිරුණු අයෙක්. ඔහු ශ්‍රී ලංකාවේදීම පසුගියදා දකුණු අප්‍රිකාව හා ඉන්දියාව එක්ක තිබ්බ තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලංකාව පරාජය වීමෙන් පස්සේ මාධ්‍යට ඇවිත් බයිලා ගැහුවා. ඒ ක්‍රිකට් ආයතනයෙන් නඩත්තු වෙන මාධ්‍ය මුදලාලිලාගේ සහයත් ඇතුව. එතනදි මුලින් කිව්ව එක අන්තිම වෙනකොට පොරටත් මතක නෑ.
කොහොම වුණත් හයි පර්ෆෝමන්ස් සෙන්ටර්හි පුහුණුකරුවො වැඩි දෙනෙක් පුටු රත් කරන බොරු කාරයො ටිකක් කියල කියන්නෙ ක්‍රීඩකයන්මයි. කෝච් එඩියුකේෂන් එක එහෙම පිටින්ම බොරු කාරයන්ගෙ සෙක්ෂන් එකක්. ඒකෙ හෙඩ් ඉන්නෙ ක්ලබ් එකක්වත් කෝච් නොකරපු කෙනෙක්.
No comments