පිරිත් ප්‍රතික්ෂේප කළ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා
බංග්ලාදේශයේ පැවැත්වීමට
නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට
බුදු දහමට අනුව ආශිර්වාද කිරීම ඊයේ දිනයේදී සිදුවූවා. එහිදී පිරිත් සජ්ජායනා
කිරීමේ අවස්ථාවේදී එක්දින හා පන්දුවාර 20 නායක ඇන්ජලෝ මැතිව්ස් එක්ව සිටියත් නිසි
ලෙස වතාවත්වලට එක්වූයේ නැහැ. වැදගෙන නොවේ පිරිත් නූල අල්ලාගෙන සිටියේ. එමෙන්ම
පිරිත් නූල් බැද ගැනීමද ඔහු ප්‍රතික්ෂේප කළා. නායකයාගේ අඩිපාරේ යමින් නිරෝෂන්
දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් ද පිරිත් නූල් බැද ගැනීම පිතික්ෂේප කරනු ලැබීම දක්නට
ලැබුණා. මැතිව්ස් අවස්ථාවේදී පිරිත් නූල අතට ගැනීමට කටයුතු කළත් දික්වැල්ල ඊට අත
ගැසීම පවා ප්‍රතික්ෂේප කළා. ඒ පමණක් නෙව එම අවස්ථාවේ ජංගම දුරකථනය ක්‍රියාත්මක
කරමින් පිරිත් සජ්ජායනා කිරීම නොසලකා හැරීම කැපී පෙනුනා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්
මෙලෙස හැසිරෙන ආකාරයක් දක්නට ලැබුනේ නැහැ. චමින්ද වාස් සහ මුරලිදරන් ඊට කදිම
උදාහරණ ලෙස දැක්විය හැකියි. ශ්‍රී ලංකාව යනු බෞද්ධ රාජ්‍යක් බව මෙරට නියෝජනය කරන
වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් කවදා නම් තේරුම් ගනු ඇත්ද ?
කිසිදු ක්‍රීඩකයෙක්ට හෝ ආගමකට අපහාස කිරීම අපගේ අරමුණ නොවූ අතර වාර්ථා කිරීම පමණක් සිදු කරනු ලැබුවා. (ශ්‍රී ලංකාව යනු බෞද්ධ රාජ්‍යක් බව මෙරට නියෝජනය කරන වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් කවදා නම් තේරුම් ගනු ඇත්ද ?) වාක්‍ය අප ඇතුලත් කලේ ක්‍රීඩකයින් තිදෙනා පිලිබද පවතින වැරදි ආකල්ප දුරුකිරීම සදහායි. සියල්ලන්ටම කැමති ආගමක් ඇදහීමට නිදහස තිබෙනවා මෙන්ම ඒ වෙනුවෙන් කටයුතු කිරීමටත් නිදහස තිබිය යුතුයි.
ReplyDeleteශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් කියලා කියන්නේ මොන පදනමකින්ද?ඒ වගේම මුරලිදරන් ජාතික ගීය ගායනා කළාද කියලත් මතක් කරලා බලන්න. බුදුහාමුදුරුවො කාටවත් බලෙන් ආගම අදහවන්න ගියේ නෑනේ. ඉස්කෝල්වල උදේට පන්සිල් ගන්නකොට අනෙක් ආගම්වල අය වඳින්නේ නෑ. එතකොට ඒකත් ලංකාවේ ස්වෛරීබාවයට ප්‍රශ්නයක්ද?
ReplyDelete