• Breaking News

    පළමු ජය බංග්ලාදේශයට

    බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු ජය සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් දිනා ගැනීමට සත්කාරක බංග්ලාදේශය සමත්වුණා. මීර්පුර් බෙන්ගාල ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට බංග්ලාදේශය තිරණය කළා. මේ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 170 ක් පමණයි. ඊට ඔවුන් පන්දුවාර 49 ක් වැයකලා.

    පිලිතුරු ඉනිම ක්‍රීඩා කල බංග්ලාදේශ ආරම්භක පිතිකරු ටමින් ඉක්බාල් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැදවාගෙන ගියා. ඔහු නොදැවී ලකුණු 84 යි. මේ අනුව පහසුවෙන් ලකුණු 171 ඉලක්කය පසුකිරීමට බංග්ලාදේශය වැය කලේ කඩුලු 02 ක් පමණයි. කඩුලු 08 ක ජයක් ලැබූ බංග්ලාදේශය සංචාරක ශ්‍රී ලංකාව සමගින් තරග වදින්නේ ලබන සිකුරාදායි. ඊට පෙර අනිද්දා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරගය පැවැත්වීමට නිියමිතයි. 

    No comments