• Breaking News

    ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගම් සභාපති පිස්සු කෙළියි


    ලබන මස ඩකාර්හි පැවැත්වෙන යූත් ඔලිම්පික් උළෙල සඳහා පිහිනුම් ඉසව් වෙනුවෙන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් යැවීමට ජාතික තේරීම් කමිටුවේ නිර්දේශයෙන් ක්‍රීඩා ඇමතිවරයාගේද අනුමැතියෙන් කටයුතු යොදා තිබියදී ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා අත්තනෝමතිකව එම තීරණය වෙනස් කිරීමට සැරසෙන බව lankasportsnews වෙත වාර්තා වේ.


    මොහු කරන්නට යන්නේ සියලු සුදුසුකම් සපුරා ඇති ජේඩන් ද සිල්වා ක්‍රීඩකයා කපා දමා ඒ වෙනුවට එංගලන්තයේ වසන තම හිතවතෙකුගේ පුත්‍රයකුගේ නම ඇතුළත් කර ඔලිම්පික් කමිටුවට යැවීමේ බරපතල දූෂිත ක්‍රියාවක් බව කිව යුතුයි.


    මොහු මෙසේ කළහොත් ක්‍රීඩා ඇමතිවරයා මොහුට විරුද්ධව දැඩි ක්‍රියා මාර්ගයක් ගත යුතු බවට අප අවධාරණය කර සිටිනවා. කෙසේ වෙතත් මේ වන විටත් ජල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා කරන්නට යන දේ ගැන ජාතික තේරීම් කමිටුවත් ක්‍රීඩා ඇමතිවරයාත් දැනුවත්ව සිටින බවත් වාර්තා වෙනවා.



    No comments