• Breaking News

    ක්‍රිකට් ආයතනයේ තනතුරු රැසක් වෙනස් වෙයි.!


    ක්‍රිකට් පරිපාලනය පරිවර්තන කමිටුවට පැවරුණු පසු එහි පරිපාලන කටයුතු නිසි කළමනාකාරිත්වයක් ඇතිව සිදු කිරීමේ අරමුණෙන් ව්‍යුහාත්මක වෙනසක් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.


    ඒ අනුව වසර දහයකටත් වඩා ප්‍රධාන විධායක ලෙස කරයුතු කළ ඈෂ්ලි ද සිල්වා ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා අලුතින් බඳවා ගැනීම් සිදුකරනු ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.



    මේ අනුව පරිපාලන කළමනාකරු, ප්‍රවර්ධන කළමනාකරු, ගණකාධිකාරි, මානව සම්පත් ප්‍රධානී අනිවාර්යයෙන් ඉවත් කර ඒ වෙනුවට අලුත් බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතයි.


    මේ අතර බොරුවෙන් කටයුතු සිදු වන උසස් තාක්ෂණ ( High Performance )අංශයේද තනතුරු රැසක් වෙනස් කිරීමට පරිවර්තන කමිටුව බලාපොරොත්තු වෙනවා.


    ඉන් පසු Ashley Ross නම් විදෙස් පුහුණුකරු ලවා ලබා ගන්නා නිර්දේශ මත එහි පුහුණු කරුවන්ගේද වෙනස් කිරීම් සිදු වනු ඇතැයි වාර්තා වෙනවා. ඒ අතර එහි පුහුණු හා අධ්‍යාපන අංශයේ මෙතෙක් බොරු කරමින් සිටි අංශ ප්‍රධානින් Ashley Ross ව අන්දා රට වටේ ගෙන යාමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙනවා.




    No comments