• Breaking News

    ක්‍රිකට් වල සිදුවන ඩබල් ගේම් නොදන්නා ක්‍රිකට් ලෝලීන් පව්!


    මැච් ෆික්සිං හෙවත් තරගයක් පාවා දීමට වඩා මේ කාලයේ ඉදිරියෙන් සිටින්නේ ස්පොට් ෆික්සිංය.


    අහවල් පන්දුව නෝබෝලයක් හෝ වයිඩ් එකක් දැමීම, බැටින්ග් ඕඩරයේ සිතා ගත නොහැකි වෙනස් කිරීම්, සිතා ගත නොහැකි ආකාරයකින් දැවී යාම, ඔට්ටුව දමන ගණනටම දැවී යාම, ඔට්ටුව දමන ආකාරයටම දැවී යාම, අහවල් පන්දු ඕවරය නිලකුනු පන්දු ඕවරයක් කිරීම,තීරණාත්මක මොහොතක උඩ පන්දුවක් අත හැරීම, කාසියේ වාසිය දිනා කිසිවකු නොසිතන තීරණයක් ගැනීම ( කණ්ඩායමේ තීරණයට පවා පටහැනි අන්දමින් ) මෙම ස්පොට් ෆික්සිං ගණයට ඇතුළත් ය.


    මුල් කාලයේ මෙන් නොව දැන් මේ සඳහා බෙටින්ග් භාර ගන්නා සමාගම් කෙළින්ම අනුග්‍රාහකයන් ලෙස තරගාවලි වලටත් කණ්ඩායම් වලටත් රිංගා ගෙන සිටිනවා.


    ඔවුන් සමග ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් සම්බන්ධ වෙනවා.


    ඊට පස්සෙ වෙන දේ අමුතුවෙන් කියන්න ඕන වෙන්නෙ නැහැ.


    ක්‍රීඩකයන්ගෙ ගිණුම් වලට මුදල් කෙළින්ම වැටෙන්නෙත් නැහැ.


    ඩුබායි වල ගිණුම් තියෙන්නෙ ඒකටයි.


    ක්‍රීඩකයන්ගෙ වගේම කළමනාකරුවන්ගෙ ගිණුම් තියෙන්නෙත් ඩුබායි වලයි.


    කතන්දරේ සරලයි.


    මෙහෙම දේවල් ක්‍රිකට් වල ඉදිරියේ ඕනෑ තරම් සිදු වීම වැළැක්වීමට නොහැකියි.


    ඒ ඉන්දීය බුකි පද්ධතිය හා බැඳුණු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඒ හරහා ආක්‍රමණය කෙරුණු අයිසීසියේ බලාධිකාරයත් තව දුරටත් ලෝකයේ ක්‍රිකට් පාලනය කරන කල්.


    මේ ක්‍රිකට් බූවල්ලාගේ අඬු, තෝරා ගත් ක්‍රීඩකයන් හා ලෝකයේ බොහෝ ක්‍රිකට් පාලක මණ්ඩල බලධාරීන් වටාත් වෙලී තිබෙන බව නොදන්නා තමන්ගෙ රට තමන්ගෙ කණ්ඩායම දිනන කල් උගුර ලේ රහ වෙනකල් ප්‍රේක්ෂකාගාරවල කෑගහන අහිංසක ක්‍රිකට් ප්‍රේක්ෂකයන්,ක්‍රීඩකයන් වෙනුවෙන් බුකියේ වැළලෙන රසිකයන් ඇත්තටම පව්.



    No comments