• Breaking News

    ගොළුබෙලි ගමනක යන පරිවර්තන කමිටුවේ ඇතැම් තීරණ මතබේදයට තුඩු දෙයි


    ක්‍රිකට් වල අරක්ගෙන සිටි භූතයන් ටික අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සූක්ෂම ලෙසින් ඉවත් කළේ ක්‍රිකට් තරග එක දිගට පරදින්න ගැනීමත් සමග එල්ල වූ ජනතා විරෝධය නිසයි.


    දූෂණ මඬින්න මෙන්ම ක්‍රිකට් වල ගුණාත්මක බව වර්ධනය කොට අන්තර් ජාතික මට්ටමේ අප සිටි තැනට යළි ගෙන ඒමේ කර්තව්‍යයත් මූලික වශයෙන් නව පරිවර්ථන කමිටුවට පැවරුණු වගකීමක් බවයි හැඳින්වුණේ.


    මෙතෙක් ක්‍රිකට් පරිපාලනයේ සිදුව ඇති දූෂණ හා වංචා සොයා ඒවා හෙළිදරව් කිරීමත් පරිවර්ථන කමිටුවට පැවරුණු තවත් කාර්‍යයක්.


    එහෙත් වෝහාරික විගණනයක් කිරීම හෝ මේ දක්වා නොකිරීමත් ව්‍යවස්ථා සංශෝධනය මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා කිරීමත් ප්‍රශ්නාර්ථයට තුඩු දෙනවා.


    වාර්තා වන අන්දමට ව්‍යවස්ථා සංශෝධනය පමාවට ක්‍රීඩා ඇමතිවරයාද හේතුවක් වී තිබෙනවා.


    පත්වී මාස හතරකට වැඩි කාලයක් ගත වුණත් පරිවර්ථන කමිටුවේ පරමාර්ථයන් ඔවුන් වෙතින් ඉටු වෙන්නේ ගොළුබෙලි ගමනකයි.


    ඔවුන් අනවශ්‍ය වියදම් රැසක් අඩු කර ගැනීම සඳහා ක්‍රියා මාර්ග රැසක් ගත්තත් අනාගත් කරුණුද ඒ අතර වෙනවා.


    ප්‍රිමියර් අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ නීති රීති හදිසියේ වෙනස් කිරීමට යාම හිටපු තේරීම් කමිටුව ඉවත්කර අලුත් තේරීම් කමිටුවක් පත් කිරීම හා දිස්ත්‍රික් /පළාත් පුහුණුකරුවන් සඳහා අලුතින් පත් වීම් ලබා දීම මේ වන විට පරිවර්ථන කමිටුව හොඳටම අනා ගත් තීරණ බවට පත්ව තිබෙනවා.


    ක්‍රිකට් තේරීම් කමිටුවට පත් කළ ඇතැමුන්ගේ දායකත්වය හා නැගී එන ක්‍රීඩකයන් ගැන ඇති අල්ප දැනුම නිසා වැරදි තේරීම් සිදු කිරීම මාධ්‍ය වල විවේචනයට ලක්ව තිබෙනවා. පරිවර්තන කමිටුව සඳහා ලැබී ඇති වැරදි උපදෙස් මෙම තත්ත්වයට තදින්ම බලපා තිබෙනවා. ඉහත අදාල තීරණ ඉදිරියේදී අධිකරණයට යාමට සිදු වන්නක් බවට පත් වනු ඇතැයි වාර්තා වෙනවා.


    සබැඳි පෙර ලිපි


    පරිවර්තන කමිටුවත් අනිල් මොහාන්ගේ සාක්කුවේද?


    ක්‍රිකට් පරිවර්තන කමිටුවේ අවධානය හයි පර්ෆෝමන්ස් සෙන්ටර් සුදු අලියා වෙතත් යොමු විය යුතුයි.


    යාපනය ක්‍රීඩාංගණය සම්බන්ධව ෂම්මිලා,සනත්ලා කළ බොරුව තහවුරු වෙයි!


    No comments