ක්‍රීඩකයන්ගේ විනය වැටෙන්න මුල කළමනාකරුවන්
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළ රට ගැන හැඟීමක් හෝ විනයක් නොමැති බව මේ වන විට ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් අධ්‍යයනය කොට ඇතැයි වාර්තා වෙනවා.
ඔවුන් වැඩි දෙනකුට තරග දිනුවත් පැරදුනත් එය ගණනකටවත් නොගන්නා තත්ත්වයක් ඇති වී තිබෙන්නේ ඔවුන් හුදෙක් වාණිජමය මානසිකත්වයෙන් කටයුතු කිරීම නිසා බවත් ඔවුන්ගේ පෞද්ගලික කළමනාකරුවන් විසින් මෙවැනි මානසිකත්වයක් ඔවුන් තුළ ජනිත කර ඇති බවත් බලධාරීන් වටහා ගෙන තිබෙනවා.
විශේෂයෙන්ම ප්‍රචාරක දැන්වීම් වලට යොමු වීමෙන් ලබන අමතර ප්‍රසිද්ධිය හා ආදායම මොවුන්ගේ මානසිකත්වය අවුල් කිරීමට තවත් සාධකයක් බවට පත්ව තිබෙනවා.
රට ගැන හැඟීමකට වඩා ඔවුන් තමන්ට ලැබෙන වරප්‍රසාද ගැන වැඩි අවධානයක් යොමු කිරීම තුළින් මෙම අවාසනාවන්ත තත්ත්වයට අලුතින් කණ්ඩායමට එක් වන තරුණ ක්‍රීඩකයන්ද ගොදුරු වීමේ අවදානමක් උද්ගතව ඇතැයි හඳුනාගෙන තිබෙනවා. තම කළමනාකරුවන්ගේ උසි ගැන්වීම මත වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයක් බිහි කිරීම හා ආදායම් බදු සම්බන්ධව උසාවි යාම මෙහි අතුරු ඵල ලෙස හැඳින්විය හැකියි.
පරිවර්තන කමිටුව මෙතෙක් හඳුනාගෙන නොමැති කරුණක් වන්නේ නායකයන් පුහුණුකරුවන් වෙනස් කළත් එකම කළමනාකරුවකු වසර ගණනාවක් මුළුල්ලේ කණ්ඩායම තුළ රඳවා ගෙන සිටීමයි.
බොහෝ අය පවසන්නේ වත්මන් කණ්ඩායම් කළමනාකරු පහ කළ යුතුව තිබුණේ ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධිය හා "බයෝ බබල් "නීතිය කඩ කරමින් ක්‍රීඩකයන් තිදෙනකු එංගලන්තයේදී ඩෙඟා නැටීමේ සිද්ධියෙන් පසුව වුවත් මේ දක්වා ඔහු කිසිදු උපද්‍රවයකින් තොරව ක්‍රීඩකයන්ට මචං ලෙස අමතමින් කණ්ඩායමේ රැඳී සිටීම පුදුමයට කරුණක් බවයි.
ක්‍රීඩකයන්ගෙන් හොඳ නම ගතහොත් තම රැකියාව ස්ථිර බව දන්නා වත්මන් කළමනාකරු මහින්ද හලංගොඩ ක්‍රීඩකයන් අතර ජෝකරයකුවී සිටින අයුරු දැක්වෙන පින්තූරයක් මෙහි දැක්වෙනවා.
ක්‍රීඩකයන්ගේ විනය කඩා වැටීමට මෙම කළමනාකරුගේ මචං පාලනය බොහෝ දුරට හේතු වී තිබෙනවා.
මේ තත්ත්වය කාන්තා කණ්ඩායමේද තිබෙන අතර විනය විරෝධී කටයුතු පිළිබඳ චෝදනා රැසක් හිමි කාන්තාවක් එම කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස පත් කිරීම තුළද දක්නට ලැබෙනවා.
ඇයට මෙසේ රැඳී සිටීම සඳහා පරිවර්තන කමිටු සභාපතිවරයාගේ අනුග්‍රහය තිබෙන බව ඇය ප්‍රසිද්ධියේ පවසනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම තුළ යළි විනය ස්ථාපිත කරවීමට නම් පෙර යුගයක සිටි අබු ෆුවාඩ් මහතා මෙන් කළමනාකරුවකු පත් කළ යුතු බවට මතයක් ගොඩ නැඟී තිබෙනවා.
මේ සියල්ල මැද දිගින් දිගට පරාජයට පත් වීම තුළ හා කණිෂ්ඨ ක්‍රීඩකයන් දස්කම් දක්වද්දී ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් අසාර්ථක වීම ක්‍රිකට් ලෝලීන්ගේ දෝෂාරෝපණයට හේතුවක් වී තිබෙනවා. මේ අතර තේරීම් කමිටුවේ ඇතැම් තේරීම්ද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක්වෙමින් තිබීමත් කැපී පෙනෙනවා.
සබැඳි පෙර ලිපි
මොන වෙනස් කම් කළත් කළමනාකරු පිළිලය තවම නොවෙනස්
ක්‍රිකට් මැනේජර් වෙනුවට පඹයෙක් දාමු - ක්‍රිකට් විනාසයේ තවත් එකෙක්
ජෝකර්ට අදින ක්‍රිකට් කළමනාකරු මහින්ද හලන්ගොඩ

No comments