• Breaking News

    එංගලන්ත ජයග්‍රහණය සමරද්දී අමතක නොකළ යුතු පිරිසක්


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කණ්ඩායම සමග ලකුණු 429 ක් හඹා යමින් ලැබූ අනගි ජයග්‍රහණය පිළිබඳව lankasportsnews ඉතාමත් සතුටට පත්වන අතර අපේ සුබ පැතුම් කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ ක්‍රීඩකයන්ටත් පුහුණුකරු ගැරී කර්ස්ටන්ටත් යොමු කර සිටිනවා.


    දිගින් දිගට පරාජයන්ට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කිසිවකු නොසිතූ පරිදි මෙවැනි ජයක් ලැබුවද එම ජයග්‍රාහී මට්ටම දිගින් දිගටම පවත්වාගෙන යාම අනිවාර්යයෙන් සිදු විය යුත්තක්. 


    නොඑසේනම් වන්නේ මෙය අහඹු ලෙස ලැබූ කනා ජයක් වීමයි.


    කෙසේ වුණත් අපේ ක්‍රිකට් මෙවැනි පුබුදුවක් ලබා ගත්තේ කිසිදු රජයකින් නොකළ ෂම්මි ඇතුළු දූෂිත ක්‍රිකට් පරිපාලන නඩය පළවා හැරීමකින් පසුවයි.


    මෙම දූෂිත නඩය කෝටි ගණනින් මුදල් ගසා කෑ අන්දම තොරතුරු දැන ගැනීමේ අයිතිය මගින් දැන් හෙළිදරව් වෙමින් පවතිනවා.


    මේ දූෂිත ගනුදෙනු මුල සිටම හෙළිදරව් කළ එකම මාධ්‍යය වූයේ lankasportsnews බව අමුතුවෙන් කිව යුතු නැහැ.


    ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතන හා මාධ්‍යකරුවන් මුදලට යටවී ෂම්මි හා ගොඩලියැද්දලාගේ දූෂිත ගනුදෙනු ගැන නිහඬව සිටියදී කලින් කලට එල්ල කළ සයිබර් ප්‍රහාර හමුවේ පවා නොසැලී සිටිමින් lankasportsnews සිදු කළේ ජාතික මෙහෙවරක්.


    ෂම්මි ඇතුළු දූෂිත නඩය පළවා හැරීම සඳහා පසුගිය වසර කිහිපයේ බොහෝ අය නොදන්නා මෙහෙවරක් සිදු කළ අභාවප්‍රාප්ත උපාලි ධර්මදාස, කේ. මතිවානන්, හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ, පසු කලෙක නිහඬ වූ හේෂා විතානගේ, අනුර වීරසිංහ යන අයවළුන් මෙන්ම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා වාර්තාවක් සකස් කළ අලි සබ්‍රි අමතක නොකළ යුතුයි. එසේම හිරු මාධ්‍ය ජාලයද ක්‍රිකට් හොරු අනාවරණය කරමින් සිදු කළ මෙහෙවරත් පසු කාලයක යූ ටර්න් එකක් ගසමින් නින්දෙන් අවදිව කටයුතු කළ සිරස මාධ්‍ය ජාලයත් ඒ පිටුපස සිටි ෂෙවාන් ඩැනියල් හා ක්‍රිෂාන්ත කුරේත් සිදු කරන ලද මෙහෙයත් අමතක නොකළ යුතුයි.


    එසේම ක්‍රිකට් දූෂිතයන් පලවා හැරීමට,උත්සාහ දැරූ රොෂාන් රණසිංහගේ ඇමතිධූරයද අහිමි කොට සාගල රත්නායකගේ සහයෝගය මත ෂම්මි ඇතුළු නඩය ආරක්ෂා කළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහද අමතක 

    නොකළ යුතුයි.


    ඉන්පසු පත්වූ ක්‍රීඩා ඇමතිවරයා ලෙස ෂම්මි ඇතුළු නඩය ආරක්ෂා කරමින් ක්‍රීඩා පනත පවා වෙන‍ස් කළ හරින් ප්‍රනාන්දු පවා මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි.


    කෙසේ හෝ ජනා‍ධිපති අනුර කුමාරගේ උවමනාව මත පතෝල ක්‍රීඩා ඇමතිවරයාගේ අත්සනින් ක්‍රිකට් යළි හරි මගට ගෙන ඒමට පත් කළ ක්‍රිකට් පරිවර්තන කමිටුව මේ වන විට නව ව්‍යවස්ථාවක් සකස් කර අවසන්.


    බොහෝ දෙනකුගේ කැප වීමෙන් සිදු කෙරුණු ක්‍රිකට් පරිවර්තනයේ තව බොහෝ දේ සිදු කළ යුතුව තිබෙනවා.

     

    බෝන් අගේන් බූවල්ලාගෙන් ක්‍රිකට් මුදවා ගැනීමත් ඉතිරිව ඇති තවත් විශාල කටයුත්තක්. එංගලන්තයට එරෙහිව ලැබු ජයග්‍රහණය එකක් පමණයි. එය දිගටම පවත්වා ගත යුතුයි. එදා මෙන්ම අද හා හෙටත් lankasportsnews අවදියෙන් සිටින බවත් මතක් කළ යුතුයි.



    No comments