• Breaking News

    දුව බිංදුවට යද්දී තේරීම් කමිටු අම්මාගේ රස්සාවත් අහිමි වෙයි


    තේරීම් කමිටු සභාපති අම්මා විසින් තම දුව ජාතික කණ්ඩායමට තෝරා ගෙන ගිනස් වාර්තාවක් පිහිටුවීමට සමත් වීම ගැන මීට දින කිහිපයකට ඉහතදී lankasportsnews වාර්තා කළා ඔබට මතක ඇති.


    ඕස්ට්‍රේලියාවේ සිට මෙහි ගෙන්වාගත් තම දියණිය ඇයට වඩා දස්කම් ඇති ක්‍රීඩිකාවන් කපා දමා ශ්‍රී ලංකා ඒ පිලට තෝරා ගත් නමුත් ඇයට ලබා දුන් තරගයේදී පන්දු පහකට පමණක් මුහුණ දී එක් ලකුණක් හෝ නොලබා දැවී යාම විශේෂ සිද්ධියක් වුණා.


    ඒ එක්කම තේරීම් කමිටු සභාපති අම්මාගේ රස්සාවත් අහවර වෙලා ගියා.


    ඒ වෙනුවට වෙනත් කාන්තාවක් තේරීම් කම්ටු සභාපති ලෙස නව තේරීම් කමිටුවත් එක්කම පත් කරන්නට යෙදුනා.


    තේරීම් කමිටු අම්මා දුවව ලංකාවට ගෙනාවට පස්සෙ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බැටින් බලන කෝච් කෙනෙකු එක්ක පුද්ගලික පුහුණුවට ඔහු හොරෙන් පවත්වාගෙන යන ඇකඩමියකට සති අන්තයේ යවා තිබෙන බවත් වාර්තා වෙනවා. කොහොම උනත් අනීතිකව තමන්ගේ දුවව ජාතික පිලට රිංගවන්න ගිහින් අන්තිමේදී තේරීම් කම්ටු සභාපති අම්මාට ජොබ් එකත් නැතිව ගිය හැටි හරිම කනගාටුදායකයි.


    සබැඳි පෙර ලිපිය

    අම්මා විසින් දුව ජාතික පිලට තෝරා ලංකාවෙන් ගිනස් වාර්තාවක්





    No comments