Friday, May 22, 2026

අම්මා විසින් දුව ජාතික පිලට තෝරා ලංකාවෙන් ගිනස් වාර්තාවක්


ලෝකෙ කොහෙවත් රටක අම්මා තේරීම් කමිටු සභාපති වෙලා තමන්ගෙ දුව ජාතික කණ්ඩායමකට තෝර ගන්නවා අහල තියෙනවද? ගිනස් වාර්තාවකට හිමිකම් කියන මේ වාර්තාව ගැන ඇහෙන්නෙ ශ්‍රී ලංකාවෙන්.


ෂම්මි වැනි දූෂිත පරිපාලකයකුගේ නිර්දේශයෙන් පතෝල වැනි ක්‍රීඩා ඇමතිවරයකු පත් කළ කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති රසාංජලී ද සිල්වා අල්විස් මෙසේ මේ ගිනස් වාර්තාවට එකතු වෙනවා.


ඒ ඕස්ට්‍රේලියාවේ සිට මෙහි ගෙන්වාගෙන නවසීලන්ත ඒ පිලට එරෙහි විස්සයි විස්ස ශ්‍රී ලංකා ඒ කණඩායමට ඇය තම දියණිය වන විටිනි ද අල්විස් තෝරා ගැනීමත් සමගයි.


මෙය සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ව්‍යවස්ථාවත් රටේ ක්‍රීඩා පනතත් උල්ලංඝණය කිරීමක්.


Conflict of interst නම් ක්‍රියා දාමය හා සදාචාරය යටතේ හරි නම් විය යුත්තේ තම දරුවකු ජාතික පිලට එක් වන්නේ නම් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමයි. නැතහොත් දරුවාව තෝරා නොගැනීමයි.

මෙය ක්‍රිකට් ව්‍යවස්ථාවේත් ක්‍රීඩා පනතේත් පැහැදිලිව සඳහන් වෙනවා.


එසේ තිබියදීත් අන්ධයෙක් මෙන් මෙම කණ්ඩායමට අනුමැතිය දී අත්සන් තබන ක්‍රීඩා ඇමතිවරයාවත් මෙම ගිනස් වාර්තාවටම ඇතුළත් කළ යුතුයි. දිගින් දිගටම අනුර කුමාර ජනාධිපතිවරයා ට අප කියන්නේ රටේ ක්‍රිකට් හදන්න ෂම්මිලා එලවා අතුරු කමිටුවක් දැම්මාක් මෙන් රටේ ක්‍රීඩාව නැංවීමට නම් මේ පතෝල ක්‍රීඩා ඇමතිවරයාද එලවා සුදුස්සකු පත් කළ යුතු බවයි.

No comments:

Post a Comment