• Breaking News

    මෙරට ක්‍රීඩාව නංවන්න නම් මේ ක්‍රීඩා ඇමති පැන්නිය යුතුයි


    යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නෙ රටේ වැදගත් අමාත්‍යාංශයක්. ඒ හරහා විශේෂයෙන් රටේ යෞවනයන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. බොහෝ විට මේ කොටස් දෙක එකම අමාත්‍යවරයකුට පවරන්නෙත් ඒ නිසයි.


    පහුගිය රජය කාලෙ මේ අමාත්‍යාංශය භාර දීල තිබුණෙ හරින් ප්‍රනාන්දුටයි. ඒ මදිවට ඔහුට සංචාරක අමාත්‍යාංශයත් එකතු කරල දීල තිබුණා.


    ඔහු ගෝටා ෆේල් යනුවෙන් කොයි තරම් කෑගැහුවත් ඔහුත් මේ කටයුත්තෙදි ෆේල් වුණා. 


    ඔහු ඒ එක අමාත්‍යාංශයක් වත් හරියට කළේ නෑ. නෑයන්ටයි එකට ඩ්‍රින්ක් පාටි දාන යාළුවන්ටයි සැළකුවා මිසක් ඔහු කරපු කෙංගෙඩියක් නෑ.


    ඔහු ගෙන් පස්සෙ මාලිමා රජය යටතේ අනුර කුමාරත් මේ අමාත්‍යාංශය භාර දුන්නේ ඊට එහා අසාර්ථක අයකුටයි.


    ජල සම්පාදනයේ ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කර තිබූ වැස්සකටවත් දුවල නොතුබුණු සුනිල් කුමාර ගමගේට ක්‍රීඩාව භාර දීමෙන් අනුර කුමාර කළේ අමු ගොන් කමක්.


    මේ වන විට පතෝල කුමාර නමින් බොහෝ දෙනා හඳුන්වන මේ ඇමතිවරයා වැඩ කරන්නේ රන් මාලයක් කරේ පැළන්දූ කටුස්සෙක් වගෙයි.


    මේ වන විට ඔහු කරන්නේ හැම ක්‍රීඩා සංගමයක්ම තමන්ට කඩේ යන හෙංචයියලාගෙන් පුරවන්න කටයුතු කිරීමයි.


    අන්ත දූෂිත පාපන්දු පරිපාලනය දිහාවත් නොබලන පතෝල කුමාර ක්‍රිකට් පරිපාලනය වෙනස් කළේ තමන් බවට පුරසාරම් දෙසුවත් ඇත්තටම වුණේ අනුර කුමාර අඬ ගසා කියු දේ ගැසට් කිරීමයි.

    පත් කෙරුණු නිලධාරීන් ගැනවත් මොහු කිසි දෙයක් දැන හිටියෙ නෑ.


    ඔලිම්පික් දුවා ඇති තම නියෝජ්‍ය ඇමතිවරයාවත් ගණන් නොගන්නා මොහු ඕනෑම තැනකට ගොස් මල් මාලයක් කරේ දමා ගන්න හා මයික් ඉදිරියේ කතාවක් කරන්න පුදුම ආසාවකින් පෙළෙන්නෙක්.


    මේ වන විට රටවල් දහයකට වඩා වැඩි සංඛ්‍යාවක් සමග අන්‍යෝන්‍ය ගිවිසුම් වලට අත්සන් තබා ඇතත් ඒ කිසිදු රටකින් මේ වන විට කිසිවක් කර ගන්න මොහුට බැරි වී තිබෙනවා.


    කිසිදු වගකීමකින් තොරව අමාත්‍යාංශ මුදල් කෝටි ගණනින් ක්‍රීඩා සංගම් වල අනවශ්‍ය සංචාර සඳහා වියදම් කරන මොහු එක් රන් පදක්කමක් දිනූ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලට සියයකට ආසන්න ක්‍රීඩක හා නිලධාරි පිරිසකට කෝටි ගණනක් වියදම් කළා.


    පදක්කම් පේන තෙක් මානයක නැති ඉසව් වලටත් වියදම් කළේ ඒ ඒ සංගම් මොහුව අන්දවමින්.


    වියදම් කළ යුත්තේ කුමටද නොකළ යුත්තේ කුමටද යන්න නොදැන මෙසේ රජයේ මුදල් නාස්ති කරන ක්‍රීඩා ඇමතිවරයෙක් ඉටිපන්දම් වලින් තැනිය හැකියි. හොරකම් කරන බවට තොරතුරක් නැතත් ගොංකම් අනන්තවත් කරන මෙවැනි ගංකබරයකු මීළඟ කැබිනට් සංශෝධනයේදි ඉවත් කරන්න ජනාධිපතිවරයා පියවර නොගත්තොත් වන්නේ මෙරට ක්‍රීඩාව දිනෙන් දින වළපල්ලට යාමයි.




    No comments