ක්‍රිකට් අතුරු කමිටුවට උඩින් පාත්වූ ආගන්තුකයන් දෙදෙනා කවුද?
ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කිරීමේදී ඔහුගේ දේශපාලන පසුබිම හා ආගමික පසුබිම ගැන සමාජ මාධ්‍ය තුළ මහා කතිකාවතක් ඇති වී තිබෙනවා. අප කියන්නේ ඔහු ක්‍රිකට් වල පරිවර්තනයක් කරන්න යද්දී ඒ සඳහා අසාධාරණ ලෙස තම දේශපාලනයත් ආගමත් යොදා නොගන්නේ නම් කිසිවකුට එය ප්‍රශ්නයක් නොවිය යුතු බවයි.
යම් හෙයකින් එවැන්නක් සිදු වන්නේ නම් සැමට කලින් ඒ බව හෙළිදරව් කරන්නේ lankasportsnews බව අප කියන්නේ වගකීමෙන් යුතුවයි.
ෂම්මිලාගේ හොර මැරකම් හෙළිදරව් කරන්න ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන තොරතුරු සපයන්නන්ගේ ජාලයක් අප සතුව ඇති බැවින් එය අපට අපහසු කටයුත්තක් නොවන බවත් කිව යුතුයි.
එහෙත් කවුරුත් කතා නොකරන කාටත් නොපෙනුනු කරුණක් මෙම අතුරු කමිටුව නම් කිරීම තුළ ඇති බව අපට පෙනුනු කරුණක් තිබෙනවා.
ඒ රොෂාන් මහානාම, සිදත් වෙත්තමුණි, කුමාර් සංගක්කාර වැනි ක්‍රිකට් ප්‍රවීණයන් අතරට කිසිවකු අසා නොමැති ක්‍රිකට් ක්‍රීඩාවට කිසිදු සම්බන්ධයක් හෝ නොමැති නම් දෙකක් ඇතුළත් වීමයි.
ඒ තුෂිර රදැල්ල හා අවන්ති කොළඹගේ යන නම් දෙකයි.
මේ සඳහා කාන්තාවහානි ඇතුලත් කිරීමට අවශ්‍යතාවක් තිබුණේ නම් ක්‍රිකට් දැනුමක් ඇති කාන්තාවන් ඕනෑ තරම් සිටියදී මැය සුදුස්සෙක් වීම ප්‍රශ්නයක්. ඇය වෘත්තියෙන් ක්‍රෙඩිට් කාඩ් ආයතනයක ඉහළ නිලධාරිනියක්.
තුෂිර රදැල්ල යනු වාර්තා වන අන්දමට මාලිමාවට හා පැලවත්තට මූල්‍ය අනුග්‍රහය දක්වන ව්‍යාපාරිකයෙක්.
එනිසා මොවුන් දෙදෙනා පත්කළේ කුමකටදැයි පතෝල කුමාර ඇමතිවරයා හෙළි කළ යුතුයි.
ඩිනාල් ෆිලිප්ස් හා උපුල් කුමරප්පෙරුම කියන්නේ ජනාධිපති නීතිවේදීන් දෙදෙනෙක්.
කමිටුවට නීති උපදෙස් ලබා දීම සඳහා ඔවුන් පත් කිරීමේ වරදක් පෙනෙන්නෙ නැහැ.
උපුල් කුමරප්පෙරුම කියන්නේ මාලිමාවෙන් මාතරට තරග වැදුණු පරාජිත අපේක්ෂකයෙක් වගේම ජනාධිපතිවරයාගේ නීති උපදේශකවරයෙක්.
ඩිනාල් ෆිල්ප්ස් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්.
ප්‍රකාශ් ෂාෆ්ටරුත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ නිලධාරියෙක් වගේම හිටපු අතුරු කමිටු ලේකම් වරයෙක්.
ගැටලුව ඇත්තේ තුෂිර හා අවන්ති මෙයට පැමිණි අන්දමයි. හුදෙක් මීටින් වලට පැමිණ ඔළුව වනන්නට පත් කළේද එසේ නොවන්නේ නම් වෙනත් අරමුණකට ඔවුන් පත් කළේද යන්න ඉදිරියේදි බලාගත හැකියි. තවමත් තනතුරු භාර ගෙන නොමැති රොෂාන් හා සංගක්කාර මේ ගැන මෙතෙක් කිසිවක් නොකියා සිටීමත් ප්‍රශ්නයක්.

No comments