• Breaking News

    පාසල් ක්‍රිකට් සංගමය පෙන්ෂන් ගිය ගුරුවරුන්ටත් වගකීම් දීලා


    ක්‍රිකට් පාලක මණ්ඩලය වගේම දූෂිත හා බලයේ දිගටම රැඳී සිටීමට කෑදර ගුරුහොරුන් පිරිසක් අරක් ගත් තැනක් තමයි පාසල් ක්‍රිකට් සංගමය. මේ සංගමයේ විධායක සභාවේ ඉන්න පාසල් ක්‍රිකට් මාස්ටර් ඉන්චාජ්ලා 90% ක්‍රිකට් පිත්තක් අතින්වත් අල්ලපු නැති අයයි. මෙයට තරග කර පත් වන්නන් එළව ගන්න එකත් පහසු කටයුත්තක් නෙවෙයි.


    එක් නිලධාරියෙක් ලේකම් ලෙස අවුරුදු ගණනක් කටයුතු කර දැන් උප ලේකම් ලෙස තවත් අවුරුදු දෙකක් මුළුල්ලේ රැඳී ඉන්නවා.


    ඒ අතර ක්‍රිකට් තරග විනිශ්චයේද යෙදෙනවා.


    එක් එක් මට්ටමේ පාසල් කණ්ඩායම් සමග මාස්ටර් ඉන්චාජ් කෙනෙකු ඔවුන්ගේ වගකීම දරමින් ආරක්ෂාව පිණිස රැඳී සිටිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍ර ලේඛය අනුව කණ්ඩායම් සමග රැඳෙන ගුරුවරුන් නම් කරන්නේ පාසල් සංගමයයි.


    ක්‍රිකට් කණ්ඩායම් සමග මෙසේ රඳවන ගුරුවරුන්ට ක්‍රිකට් ආයතනයෙන් දීමනාවකුත් ගෙවනවා.


    මේ දීමනාවට කෑදර කම නිසා මේ සඳහා පවතින්නේ තරගයක්.


    ක්‍රීඩකයන්ගේ විනය ආරක්ෂා කිරීමත් මොවුන්ගේ ප්‍රධාන වගකීමක්. 

    ඒ නිසා යම්කිසි විනය කඩ කිරීමක් සිදු වුවහොත් ඔවුන් සමග සිටින ගුරුවරයා ඒ සම්වන්ධව වගකීම ගත යුතුයි.


    මීට සතියකට පෙර ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව් දෙනෙකු හෝටලයක නවත්වා සිටියදී එහි නවාතැන් ගෙන සිටි කාන්තාවන්ගේ නාන කාමර හොරෙන් වීඩියෝ ගත කර පොලිසිය මගින් උසාවියට යොමු කරනු ලැබුවා.


    මෙහි රඳවා සිට ඇත්තේ මීට වසරකටත් කලින් විශ්‍රාම ගිය ගුරුවරයෙක්. විශ්‍රාමිකයන් මෙවැනි රාජකාරි වලට යෙදවිය නොහැකි වුවත් එවැනි පත්වීමක් දුන් පාසල් සංගම් නිලධාරියා ගැන වහාම පියවරක් ගැනීම ක්‍රිකට් ආයතනයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමක්. ක්‍රිකට් දූෂණ නැති කරන්නට නම් පාසල් සංගමයද ශුද්ධ කළ යුතුයි.

    No comments