ක්‍රිකට් ප්‍රශ්නය මත අනුරට අන්තෝ ජටා බහි ජටා තත්ත්වයක්
ක්‍රිකට් ප්‍රශ්නයේ අලුත්ම තොරතුර නම් අනුර කුමාර ජනාධිපතිවරයා අන්තෝ ජටා බහි ජටා තත්වයකට මුහුණ දී සිටින බවයි.
ෂම්මිව වහාම ඉවත් කරන ලෙස ටිල්වින් පාර්ශ්වයෙන් ප්‍රබල බලපෑමක් එල්ල වද්දී ඒ සඳහා සිරස දිනපතා පහර දෙද්දී තමන් වෙනුවෙන් චන්දයට අත දිගහැර වියදම් කළ ෂම්මිව රැක ගන්නේ කෙසේදැයි ඔහු බරපතල ගැටළුවකට මුහුණ දී ඇතැයි වාර්තා වෙනවා.
මේ අනුව ඔහු ෂම්මිට ඉල්ලා අස්වෙන ලෙස පෞද්ගලික මට්ටමින් කියා ඇතත් ෂම්මි තමන් ඉවත් කරන්නේ නම් මිස ඉල්ලා අස් නොවන බව දිගින් දිගටම කියා තිබෙනවා.
ෂම්මිලාගෙන් විවිධ උදව් උපකාර ලබාගෙන සිටින වසන්ත සමරසිංහ , හඳුනෙත්ති යන ප්‍රබලයන් ෂම්මි වෙනුවෙන් ඉදිරිපත් වී සිටීම හා ටිල්වින්, බිමල් වැන්නන් ෂම්මි ඉවත් කරන ලෙස තදින්ම සිටීම මත මාලිමා රජය තුළම පිල් බෙදීමක් මේ වන විට හට ගෙන තිබෙන බවත් වාර්තා වෙනවා.
ඒ අනුව සිකුරාදා (24 ) ත් අනුර හා ෂම්මි අතර හමුවක් පැවැත්වීමට නියමිතයි. කෙසේ හෝ අනුර ක්‍රිකට්වල උන්නතිය වෙනුවෙන් ෂම්මි පාලනය ඉවත් නොකළහොත් එය දේශපාලන වශයෙන් මාලිමාවටම පාරාවළල්ලක් බවට පත් වනු ඇතැයි පැලවත්තේ ක්‍රියාකාරිකයකු අප සමග පැවසුවා.

No comments