• Breaking News

    සනත්ගේ කැපිල්ල නිසා අවිශ්ක ඉල්ලා අස්වෙයි


    සනත් ජයසූරිය ක්‍රිකට් ගහපු කාලෙත් අව්ශ්ක ගුණවර්ධනට බයයි. ඒ සනත්ගේ බැටින් ප්ලේස් එකට අවිශ්ක තර්ජනයක් වුණු නිසයි. ඒ කුහක සිතුවිල්ල අව්ශ්ක මෙතෙක් හොඳින් කරමින් සිටි ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු කමින් ඉවත් කර 19 න් පහළ කණ්ඩායමට ඩිමෝට් කරන්නත් හේතු වුණා.


    ක්‍රිකට් විධායක සභාව විසින් තීරණය කළා කීවත් මේ තීරණය පිටුපස හිටියෙ සනත් ජයසූරියයි.


    කොහොම වුණත් අසාධාරණය හමුවේ කොන්දක් ඇතිව කටයුතු කළ අවිශ්ක ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස් වෙන්න තීරණය කරලා ඒ බව ඊ මේල් පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙනවා.


     වසර දෙකක අයිසීසී තහනමකට ලක්වූ නිසා නව ක්‍රීඩා පනත අනුව ක්‍රිකට් පැත්ත පළාතකට එන්න නොහැකි වුණත් පතෝල ක්‍රීඩා ඇමතිවරයාගේ පිහිටෙන් ක්‍රිකට් වලට යළි රිංගා ගත් සනත් ජයසූරිය නිසා අපට සිටි හොඳම පුහුණුකරුවෙක් අහිමි වෙලා ගියා.


    ක්‍රිකට් වල මේ යන්නේ අඳුරුම යුගයක්. අනුර කුමාර ජනාධිපතිවරයා ඉක්මනින් යමක් නොකළොත් සනත්ලා හා ෂම්මිලා ක්‍රිකට් පෙට්ටියට දමා ඇණ ගහන දිනය වැඩි ඈතක නැහැ.

    No comments