ඒස් කැපිටල් දිනවන්න නලින් ගැසූ ගේම් වරදියි
නලින් අපෝන්සු කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභිකයකු වගේම එහි තරගාවලි කමිටු සභාපතිවරයාය. ඉගෙන ගත්තේ නාලන්දේ වුණත් මොහු ක්‍රිකට් ගසා නැති බවයි වාර්තා වන්නේ.ක්‍රිකට් විධායක සභාවට යාමට සුදුසුකම හදා ගත යුතු නිසා වරාය අධිකාරිය වෙනුවෙන් ප්‍රිමියර් තරගයක් ක්‍රීඩා කර තිබෙනවා.
ඒ වරම ලබා ගත්තේ වරාය අධිකාරියේ ඉහළ තනතුරක් දරමින්( එයටත් සුදුසු කම් නොමැති බව වාර්තා වෙනවා) වරාය අධිකාරියේ ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ලේකම් ලෙස කටයුතු කළ නිසයි.
වරාය අධිකාරියේ ක්‍රිකට් ක්‍රීඩා සමාජය මොහු හොර රහසේ ඒස් කැපිටල් නමින් වෙනත් සමාජයකට විකුණා දැන් වසර ගණනක් වෙනවා.
නීති විරෝධී ලෙස මොහු ක්‍රීඩා සමාජ දෙකේම එකම ගිණුමක් පවත්වාගෙන යමින් වරාය අධිකාරියට ලැබිය යුතු කෝටි ගණනක් එයට අහිමි කර තිබීම ගැන වරාය අධිකාරියේ සේවක වෘත්තීය සමිතිය සීඅයිඩිය අල්ලස් කොමිසම හා වරාය අධිකාරියේ පාලකයන්ට දැනුම් දී තිබෙනවා.
අලුතින් වරායට පත්ව ආ සභාපතිවරයාත් මොහුගේ ගජ මිතුරකු බැවින් වරාය අධිකාරියේ පරීක්ෂණත් යට ගැසීමට මොහු සමත්ව තිබෙනවා.
මොහු පිළිබඳ අලුත්ම තොරතුර වන්නේ තරග කමිටු සභාපති වරයා ලෙස සිටියදී ඔහු ලේකම් ධූරය දරණ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය මෙවර ප්‍රිමියර් තරගාවලියේ ශූරයන් බවට පත් කර ගැනීම සඳහා සූක්ෂම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධවයි.
මේ වැඩපිළිවෙල යටතේ විනිසුරු සහාය ලබා ගැනීම හා වෙනත් ක්‍රීඩා සමාජ වල ක්‍රීඩකයන් බා ගැනීම වැනි වැඩ ඔහු කළ බවට චෝදනා තිබෙනවා.
කොහොම උනත් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ඒස් කැපිටල් පිලේ යටිකූට්ටු වැඩ පිළිවෙල පරදවමින් මෙවර ශූරතාව දිනා ගත්තා. මීළඟ වරාය අධිකාරිය සම්බන්ධ කෝප් කමිටු රැස්වීමේදී කලින් රැස්වීමේදී ගැසූ බොරු ඇත්ත කිරීමට නලින්ට සිද්ධ වෙනවා. වරාය වෘත්තීය සමිතිය මේ ගැන ඉදිරියේදී මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට නියමිතයි.
සබැඳි පෙර ලිපි
වරාය අලුත් සභාපතිත් වරායේ ක්‍රිකට් හොරාගේ චෝදනා විභාගය යට ගහලා
වරාය ඒස් කැපිටල් කර කෝටි ගණනක් මුදල් වංචා කළ අපෝන්සු කෝප් කමිටුව අන්දයි
ක්‍රිකට් විධායක සභාවේ ඉඳන් අනීතිකව මුදල් දීමනා ලබන තවත් හොරෙක් හොංකොං යයි
වරාය අධිකාරියෙන් නලින් අපෝන්සුට බරපතල චෝදනාවක්

No comments