සිරස පාර කියද්දී හිරු රෙදි හෝදයි
ලංකාවේ ක්‍රිකට් පරිපාලනය දූෂිත බවට පසුගිය වකවානුවේ කෝප් කමිටුව මගින්ද විගණන දෙපාර්තමේන්තුවේ වෝහාරික විගණන වාර්තා මගින්ද පාර්ලිමේන්තුව ඒකමතිකවද පිළි ගනු ලැබූ නමුත් ෂම්මි සහ ඔහුගේ නඩය තවමත් නිරුපද්‍රිතව සිටියි. එපමණක් නොව ක්‍රිකට් පරිපාලනයට එරෙහිව හඬක් නගන සැම එකෙක්ම සැම මාධ්‍යවේදියෙක්ම සැම මාධ්‍ය ආයතනයක්ද ක්‍රීඩා ඇමති හා නියෝජ්‍ය ඇමතිද හඳුනෙත්තිගේ හා වසන්ත සමරසිංහ වැනි ඇමති වරුන්ද හේෂා විතානගේ වැනි විපක්ෂ මන්ත්‍රීවරුද නිහඬ කරන්නට සමත්ව තිබෙනවා.
ඒ ඒ විවිධ උපක්‍රම මගින්. මුදල් විසි කිරීමෙන්, විදෙස් සංචාර ලබා දෙමින්, නඩු දමමින්, නඩු දමන බවට බය කරමින්,දැන්වීම් මුවාවෙන් මාසිකව මුදල් ලබා දෙමින් මේ තත්වය නිර්මාණය කර තිබෙනවා.
රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය කොහොමත් නිහඬව කඩේ යද්දී සියත,සුප්‍රීම්, ස්වර්ණවාහිනී, දෙරණ හා හිරු යන නාලිකාද බැලන්ස් කර ගන්නට මොවුන් සමත්ව තිබෙනවා.
හිරු බැලන්ස් කර ඇත්තේ එහි අධ්‍යක්ෂ වරයකු හරහායි. ඔහු රේනටත් හොරෙන් මේ වැඩේ කරනවා. මේ නොබෝදා සුජීව ගොඩලියැද්ද හා වරාය අධිකාරියේ ක්‍රිකට් ක්‍රීඩා සමාජය ඒස් කැපිටල් බවට හරවා වරාය අධිකාරියට කෝටි ගණනක් වංචා කළ නලින් අපොන්සු හිරු ස්ටුඩියෝවට කැඳවා ඉන්ටර්වීව් එකක් සංවිධානය කළේත් මොහුයි.
ස්වර්ණවාහිනිය බැලන්ස් කරන්නේ එහි ප්‍රධාන විධායක සුසාර දිනාල් හරහායි. ඔහු ක්‍රිකට් වලට අදාල කිසිදු විවේචනයක් නොකරන ලෙස ප්‍රවෘත්ති අශයට උපදෙස් ලබා දි තිබෙනවා.ඒ ඔහු සිරස සිටි අවදියේ දකුණු අප්‍රිකාවට හා ඩුබායි වෙත ඩොලර් සමග ලබා දුන් සංචාර හේතුවෙන්.
මෙවැනි තත්වයක් යටතේ සිරස කලක් නිහඬව සිට දැන් දිනපතා ෂම්මිලාට දිගට හරහට ගහන්න පටන් අරන් තිබෙනවා.
සිරසටද නඩු දමන බවට තර්ජනයක් ලැබී ඇතත් ඔවුන් දිගින් දිගටම ෂම්මිලාගේ හෙළුව හෙළිදරව් කරමින් ඉන්නවා.
සිරස කියන්නේ අනුර කුමාරටත් මාලිමාවටත් හොඳටම කඩේ යන නාලිකාවක්.
එහෙම තිබියදී පැලවත්තෙන් හෝ අනුර කුමාරගෙන් කොළ එළියක් නොලැබුනේ නම් කිසි විටෙක මෙවැනි පහර දීමක් සිදු කෙරෙන්නෙ නැහැ.
ඒ නිසා ෂම්මිලාත් කැළඹීමට පත්ව සිටින බව lankasportsnews වෙත වාර්තා වෙනවා.
පතෝල කුමාර ක්‍රීඩා ඇමතිවරයාත් වෙන්නේ කුමක්දැයි නොදැන අන්දුන් කුන්දුන් වී සිටින බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අපට පැවසුවා.
බොහෝ විට ඊළඟ කැබිනට් සංශෝධනයේදී පතෝල කුමාරත් විසිවී යන්න ඉඩ තිබෙනවා. මේ අතර ෂම්මිලා ගෙදර යවනු කියමින් දස දහසකගේ අත්සන් සහිත පෙත්සමක් අද හෙට ජනාධිපතිවරයාට භාර දීමටත් නියමිතයි. මේ සියල්ලෙන් කියවෙන්නේ මොන තරම් දැඟලුවත් ෂම්මිලාගේ ක්‍රිකට් පරිපාලනයේ ආයුෂ අවසන් වීමට ළඟ බවයි.


No comments