• Breaking News

    පුහුණුකරු කුට්ටම ඇනූ පමණින් ක්‍රිකට් ගොඩ එයිද?


    කඩදාසි කුට්ටම අනන ආකාරයට ක්‍රිකට් වල පුහුණුකාරයන් ඇනුවාට ක්‍රිකට් වල වැටීම නවත්තන්න ෂම්මි ගත්තු තීරණය ගැන කියන්න තියෙන්නේ අතීසාරෙට අමුඩ ගැහිල්ලක් වගේ කියලයි.

     

    වැඩ බැරි ටාසන් කෙනකු වන පුහුණු කිරීම නොදන්නා සනත් ජයසූරිය ඉන් ගලවා පුහුණුකරුවන් අධීක්ෂණයට HPC ලොක්කා කරවීමත් ඒ කණ්ඩායමේ පුහුණුව හොඳින් සිදු කරමින් සිටි අවිෂ්ක ගුණවර්ධන ඉන් ගලවා 19 න් පහළ කණ්ඩායමට පහත හෙළීමත්  පුහුණු අත්දැකීම් නැති අෂාන් ප්‍රියංජනට ඒ කණ්ඩායම භාර දීමත් අසාර්ථකම දඟ පන්දු ක්පුහුණුකරු පියල් විජේතුංගට ඉමර්ජින් පිලේ දඟ පන්දු යවන්නන් හදන්න භාර දීමත් තුළින් ලංකාවේ ක්‍රිකට් යළි ගොඩ ගන්න පුළුවන් යැයි ෂම්මිලා සිතා සිටින්නේ  නම් කිව හැක්කේ ක්‍රිකට් වලට අබ සරණයි කියායි.


    වේග පන්දු යවන්නන්ගේ රිද්මය කා දමා ඔවුන් ආබාධයන්ට ගොදුරු කරවන දෙවෙනි ඉනිමේ අග්‍රගණ්‍ය කටින් කෝච් අනුෂ සමරනායකලා ලක්ෂ 19 පඩියකට තව දුරටත් තබා ගැනීමෙන් හා පතෝලයන් වැනි ජෙරොම් ජයරත්නලා , රුවන් කල්පගේලා වැන්නන් ඉහළ වැටුප් වලට HPC එකේ ඉහළ පුටු වල තබා ගැනීමෙන් රවින් වික්‍රමරත්නගේ පානදුර පේනදුර පුහුණුකරුවන් සියල්ල කෝචින් අ‍ංශයට දමා ගැනීමෙන් ෂම්මිගේව් පාසල් මිත්‍රයන් සියලු දෙනාට මාස් පඩි ලැබෙන ජොබ් ලබා දීමෙන් ක්‍රිකට් වල ප්‍රගමනයට කිසිවක් සිදු නොවෙන බව අපි කියන්නේ වගකීමෙන්.


    මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියූ පරිදි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ක්‍රිකට් මාෆියාව අවසන් කරන තෙක් මාලිමාවට චන්දය දුන් සියල්ලෝම අවුරුදු දෙකක් මුළුල්ලේ බලා සිටින බවත් කිව යුතුයි. මේ රජයේ ක්‍රීඩා ඇමතිවරයාද මුදලට විකිණී ඇත්නම් ඊට වඩා කුමන කතාද ?(  මෙරට ක්‍රීඩාවත් වළපල්ලට යවන මේ පතෝලයා ගැන අපි මීට කළින් කොතෙකුත් හෙළිදරව් කර තිබෙනවා). අවසානයේ කිව යුත්තේ අපේ රටේ කී ලක්ෂයක් රැවටී තිබෙන බව මෙයින්ම සක් සුදක් සේ පැහැදිලි වෙන බවයි.


    No comments