ෂම්මිලා රැක ගන්නත් විකල්ප කල්ලියක්
දූෂිත ක්‍රිකට් පරිපාලනය ඉවත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර ගෙන යන වැඩපිළිවෙලින් ෂම්මි ඇතුළු නඩය බේරා ගැනීමට නාමල් රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, සාගල රත්නායක ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරමින් සිටින බව වාර්තාවේ.
නාමල් විසින් ෂම්මිලා සමග ඔහු ක්‍රීඩා ඇමති ධූරය උසුලන අවදියේ ෂම්ම්ලා රැක ගැනීම සඳහා ක්‍රීඩා පනත අතීතයට බලපවත්වන පරිදි වෙනස් කළ අතර ෂම්මි සභාපති ධූරය දරණ සීසීසී ක්‍රීඩා සමාජයේ රග්බි කණ්ඩායම ප්‍රවර්ධනයද භාර ගත්තේ ඔවුන් අතර ඇති සම්බන්ධය ලොවටම පෙන්වමින්.
මීට ප්‍රතිඋපකාරයක් ලෙස ෂම්මි ක්‍රිකට් ආයතනයේ සියලු ප්‍රවාහන කටයුතු සඳහා නාමල්ගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහගේ බස් රථ යොදා ගැනීමට නියෝග කළා. මීට අමතරව පොහොට්ටුවේ සියලු ප්‍රචාරක කටයුතු සිදු කරන නාමල්ගේ මිතුරු ශ්‍රීමාල් නමැත්තාට කෝටි ගණන් ගෙවන ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා සහභාගි වූ යාපනය මණ්ඩතිව්හි සිදු කළ ඊනියා ක්‍රිකට් ක්‍රීඩාංගණ මුල් ගල් තැබීමේ උත්සවයේ සියලු කටයුතු භාර දී තිබුණේ ශ්‍රීමාල් එන්ටර්ප්‍රයිසර්ස්ටය.
මීට පෙර හිටපු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දුද ඔහු සංවිධානය කළ දඹුල්ලේ ඔප්පු ප්‍රදාන උත්සවයේද සියලු කටයුතු භාර දි තිබුණේත් මේ ශ්‍රීමාල්ටමයි.
වෝහාරික විගණනයක් පැවැත්වුවහොත් ශ්‍රීමාල්ට ගෙවා ඇති මුදල් කන්දරාව ගැන ජනාධිපතිවරයාට දැන ගන්න පුලුවන් වගේම මහජනතාවටත් හෙළිදරව් කරන්න පුළුවන්. ඒ මහින් බෙදී ගොස් ඇති ආකාරය හා ඒ කාට කාටදැයි සොයා ගන්නත් පුළුවන්.
ඒ නිසා අනුර කුමාර ජනාධිපතිවරයාට අපි කියන්නේ සියල්ලට පෙර 2018 සිට ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනයක් පවත්වන ලෙසයි. ඒ අතර එය පවත්වන විගණන නිලධාරීන්ගේද වත්කම් සොයා බලන ලෙසයි. ඒ මීට පෙර විගණන දෙපාර්තමේන්තුව මගින් ක්‍රිකට් ආයතනයේ විගණනයන් සිදු කළ නිලධාරීන්ද මිළට ගැනීමට තරම් සුජීව ගොඩලියැද්ද සට කපටියෙක් වූ බව රහසක් නොවන නිසයි.
ක්‍රිකට් ආයතනයේ කෝටි ගණනක් වියදම් කොට හරින් ප්‍රනාන්දු පැවැත්වූ දඹුල්ලේ ඔප්පු ප්‍රදානය හා ස්මාට් ලංකා ජෝගියේ වියදම් ගැනත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ගාලු මාවල් නම් ලංකා ප්‍රිමියර් ලීග කණ්ඩායමේ නොනිල අයිතිකරු වීමේ භාග්‍යයද ලබා ගෙන ෂම්මිලාට අවශ්‍ය විදියට ක්‍රීඩා පනතද සංශෝධනය කළ හරින් ප්‍රනාන්දුත් මේ ගේම් එකේදී මනුෂ හා සාගල සමග ෂම්මි රැක ගැනීමට මේ අවස්ථාවේ නාමල් සමගම ඉදිරිපත් නොවුනොත් පුදුමයක්.

No comments