• Breaking News

    සිරසත් ගේමට බසියි.! ෂම්මිලා විසි වෙන ලකුණු.!


    දූෂිත ක්‍රිකට් බලධාරින්ට එරෙහිව රට පුරා පැන නැගෙන විරෝධතා වලට පිළියමක් ලෙස ෂම්මි ඇතුළු ක්‍රිකට් විධායක සභාවට ඉල්ලා අස්වෙන තැනට ඔවුන්ට පීඩනයක් දීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇතැයි වාර්තාවෙනවා.


    මේ තීරණය හේතුවෙන් මාලිමා රජයට අතිශයින් පක්ෂග්‍රාහී නාලිකාවක් වන සිරස මාධ්‍ය ජාලය මගින් ෂම්මි ඇතුළු ක්‍රිකට් බලධාරීන් වෙත දිනපතා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.


    ක්‍රිකට් පරිපාලනය විවේචනය කරන මාධ්‍ය හා මාධ්‍යවේදීන් මර්ධනය කිරීම සඳහා ක්‍රිකට් අරමුදලේ මුදල් කෝටි ගණන් වියදම් කොට ඔවුන්ට එරෙහිව නඩු දැමීමේ ක්‍රමය අනුව මේ වන විට ඔවුන් සිරස ආයතනයටද නඩු දමන බවට එන්තරවාසියක් යවා තිබෙනවා.


    එහෙත් එම එන්තරවාසිය නොතකා සිරස දිනපතා ප්‍රවෘත්ති විකාශය හා වෙනත් වැඩසටහන් මගින් ක්‍රිකට් ආයතනය විවේචනය කරන අයුරු දකින්න පුළුවන්.


    මෙතෙක් ෂම්මි පාලනය මගින් එක්තරා ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් කිහිප දෙනකුට පමණක් කෝටි ගණනක් නීති කටයුතු සඳහා වියදම් කර ඇති අතර මෙසේ පෞද්ගලිකව තමන්ට එල්ල වන චෝදනා වෙනුවෙන් ක්‍රිකට් අරමුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීති මගින් කටයුතු කිරීමට එක් පාර්ශ්වයක් තොරතුරු එක් රැස් කරමින් සිටින බව lankasportsnews වෙත වාර්තා වෙනවා.


    මේ අතර ඉදිරියේදී ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමටද ඉහළින් අණක් ලැබී ඇති බවත් වාර්තා වෙනවා.


    මේ අනුව කියවෙන්නේ ෂම්මි ඇතුළු නඩය මේ වන විට සිටින්නේ හොඳ විකට් එකක නොවන බවයි.


    යාපනය මණ්ඩතිව්හි ඉදිකිරීමට යෝජනා කර එය එහි කළ නොහැකි බවට තිලංග සුමතිපාල විසින් අතහැර දමා තිබුණු ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඇන්දවීම මගින් ඔහු උතුරේ ජනතාවට බොරු කාරයකු කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා උරණ වී සිට්න බවද වාර්තා වෙනවා. මේ සඳහා ඉන්දීය අගමැති මෝදි ලවා මුදල් ලබා ගත හැකි බවට සනත් ජයසූරිය විසින්ද ජනාධිපතිවරයා ඇන්දවීම මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.



    No comments