ජනාධිපතිටත් හොරෙන් ක්‍රීඩා ඇමති ෂම්මිලා සමග ඩීල් එකක්ක
ක්‍රිකට් කියන්නෙ ලංකාවෙ හැමෝගෙම ආගමක් වුණත් ඒ ක්‍රිකට් පාලනය කරන්නෙ ෂම්මි ඇන්ඩ් කම්පැණි ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගමකින්. ඒ හින්ද ලංකාවෙ ජනතාවට අතීතෙ වගේ දිනන්න පුළුවන් කණ්ඩායමක් හැදෙන්න දෙන්නෙ නෑ. ඒ ෂම්මි හා සමාගම ගන්න තීන්දු තීරණ නිසා.
ක්‍රිකට් පරදිනකොට නැගෙන ජනතා කෝපය යටපත් කරන්න මොවුන් කරන්නෙ එක්කෝ තේරුම් කමිටුව , නැතිනම් පුහුණුකරුවන් එහෙමත් නැතිනම් ක්‍රීඩකයන් පිට දමා ලිස්සල යන එකයි.
මේ පාර මෙයාල කළේ අසාර්ථක පුහුණුකරු සනත් වෙනුවට ගැරී කර්ස්ටන් ගෙනෙන එකයි පුහුණුකරු කුට්ටම අනන එකයි අවධානය වෙන පැත්තකට යොමු වෙන්න ලසිත් මාලිංග ලවා බොරු ජිල්මාට් එකක් ජනගත කරන එකයි. මේ සඳහා ඔවුන්ගේ පඩි ලැයිස්තුවේ ඉන්න ඉජුවලා බිජුවලා පබ්ලිසිටි වලට යොදව ගත්තා.ක්‍රිකට් ගැන මෙලෝ මල දානයක් නොදන්නා සෝෂල් මීඩියා පේජ් කාරයොත් මිළදී ගත්තා.
මේ අතර සිරස පුදුම විදියට හිටි අඩියෙ ෂම්මි හා සමාගමට ගහන්න පටන් ගත්තා.
දන්න අය කියන්නෙ නම් අනුර කුමාරගෙ ග්‍රීන් ලයිට් එකක් නැතිව සිරස ඔය වැඩේ නොකරන බවයි.
ඒ කොහොම උනත් සිරස නම් ෂම්මිලාට ලොවෙත් නැතිවෙන්න ගහනවා. ඒ නඩු දානව කියල ෂම්මිලා එවපු එන්තරවාසියත් සත පහකට මායිම් නොකර යි.
කොහොම උනත් ෂම්මිලා නම් මේ කටයුත්තෙන් ඉන්නෙ හොඳටම සැලිලා කියලයි ආරංචි වෙන්නෙ. සුජීව ගොඩලියැද්ද සුපුරුදු ඩීල් වලට බැහැල ඉන්න බව වාර්තා වෙනවා.
ඔය අතරෙ ෂම්මිලගෙ සාක්කුවෙ ඉන්න සුනිල් පතෝල කුමාර ක්‍රීඩා අමාත්‍යවරයා ජනාධිපතිවරයාටත් හොරෙන් ෂම්මි එක්ක ක්‍රීඩා අමාත්‍යාංශයේදී තමන්ගෙ පෞද්ගලික ලේකම් අලුත්ම ඩීල්දාසත් එක්ක හොරෙන් රැස්වීම් දෙක තුනක් පවත්වල තියෙනවා.
ඒ ක්‍රීඩා ඇමතිවරයා අලුතින් සිදුකළ ක්‍රීඩා පනත සංශෝධනය නිසා ඊළඟ නිලවරණයෙන් ෂම්මිට යළිත් තරග වදින්න නොහැකිවන වගන්තිය ඉවත් කර ගැනීම පිළිබඳව හා වෙනත් ගනුදෙනුවක් ගැනයි.
මේ අනුව ප්‍රධාන නිලයක වසර අටක් සේවය කර තිබේනම් යළි තරග කිරීමට නොහැකි බවට එක් කළ සංශෝධනය ෂම්මිට යළි බලයට ඒමට හැකි වන පරිදි වසර දොළහ දක්වා දීර්ඝ කිරීමේ ගැසට්ටුවක් පතෝල කුමාර ඇමතිවරයා හෙට අනිද්දා නිකුත් කිරීමට නියමිතයි.
කරුණු කාරණා මෙසේ තිබියදී පසුගිය සතියේ විශාල ගණනක චෙක් පත් නිකුත් කිරීමක්ද සුජීවගේ අණ පරිදි සිදුවෙමින් පවතින බවත් වාර්තා වෙනවා.
ඒ සමහර විට ජනාධිපති වරයා විසින් ක්‍රිකට් ආයතනය හෙවත් ෂම්මි ඇන්ඩ් කොම්පැණිය විසුරුවා හරීවියැයි තියෙන බයටයි.
එම නිකුත් කළ චෙක්පත් වැඩි ප්‍රමාණයක් ලියා ඇත්තේ ශ්‍රීමාල් එන්ටර්ප්‍රයිසර්ස් සමාගමටයි.
විවිධ වියදම් වෙනුවෙන් ඔවුන්ට රුපියල් මිලියන සියයකට වැඩි මුදලක් ශ්‍රීමාල් එන්ටර්ප්‍රයිසර්ස් වෙත ගෙවා තිබෙනවා. .
මේ ශ්‍රීමාල් යනු පසුගිය මැතිවරණ වෙනුවෙන් පොහොට්ට්ටුවට කට් අවුට් නොමිළේ ගසා දුන් නාමල්ගේ ගජ මිතුරායි.
නාමල්ගේ මාමණ්ඩියටද ප්‍රවාහන බස් රථ වෙනුවෙන් මිලියන ගණනක් ගෙවා ඇත්තේද ෂම්මි හා නාමල් අතර එදා සිට පවතින දැඩි හිතවත් කම නිසාය.
නාමල් පවා ෂම්මිලා ප්‍රසිද්ධියේ විවේචනය නොකරන්නේද මේ නිසයි. නාමල්, සාගල සමගත් ඩීල් ඇති ෂම්මිලා අනුරලාද අන්දමින් ඔහුත් පතෝල කුමාරත්, අනුරත්, හඳුනුත් එරංගත්,වසන්තත් සමග ෂම්මිලා මොන තරම් ඩීල් දැම්මත් හෙට අනිද්දා කුමක් හෝ බලාපොරොත්තු නොවන අන්දමේ සිදු වීමක් වන්නට ඉඩ තිබෙනබව lankasportsnews කියන්නේ වගකීමෙන්.

No comments